වක්කඩ ලග දිය වැටෙන තාලයට.. වක්කඩ ලග දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා... වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලෙන් විදුලිය කෙටුවා... කිව්වට වස් නැත, නිල් නිල් පටින්, කටරොළු මල් වැට කෙරුවා.... තුන් දවසක් අමනාපෙන් සිටි කළු, නෝක්කඩු බැල්මෙන් බැලුවා.... ගල මතුපිට මල පිපෙන්න, මල වට බඹරිදු නටන්න, වැහිවැහැලා ගග පිරෙන්න ගග උතුරා හිත පිරෙන්න.... ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කළු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන් .... ගායනය- පණ්ඩිත් ඩබ්ලිව් .ඩී.අමරදේව තනුව- පණ්ඩිත් ඩබ්ලිව් . ඩී අමරදේව පද රචනය- මහගමසේකර වක්කඩ යනු කෘෂිකර්මාන්තය, ගැමි සිරිය සමඟ බැදුණු සුන්දර වචනයකි. වක්කඩ ළග දිය ,ජලය වැටෙන තැන තවත් සුන්දර තැනක්. අහස් දියෙන් ගොවිතැන් කරන ගොවීන් එම කුඹුරට අවශ්‍ය ජලය ඇළකින්, දොළකින්, වැවකින් ලබා ගැනීමට උපකාරී වන ස්ථානයයි. වක්කඩ මගින් කුඹුරට ජලය ලබා ගන්නවා මෙන් ම ජලය පිට කර යැවීමට උපකාරී වෙනවා. වක්කඩ ලග දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා... ...