Posts

Showing posts from November, 2022

නෙත්

Image
  ප්‍රේමය නමින් කවි නොලියුණත් මා අතැති පන්හිදෙන් ප්‍රේමයේ කවි වැල් ගැයේ  සැම විටම මා හදවතේ  නුඹ නමින් ප්‍රේමය නොදත් මා ඔබෙ ප්‍රේම නෙත් වලින් අරුත් ගන්වලා අද මගෙ දිවි මඩලම ඔබ නමින් 

සුදු කළු

Image
         ඔබේ වර්ණය සුදු ද ? ඔබේ වර්ණය කළු ද ?       මම සුදුයි. මම කලුයි. ඔබ සිදු වුණත් ඔබ කළු වුණත් ඉන් ඵලක් නැත.         සුදු මිනිසා කළු මිනිසාට වඩා සිතන පතන ආකාරය වෙනස් ද?  සුදු මිනිසුන් සියල්ල ම සිතන්නේ ක්‍රියා කරන්න එකම ආකාරයකට ද?          ඉතින් ඔබ සුදු වුණත් කළු උනත් ඒ පාට දෙකක් පමණි.  ඒ පාට දෙකේ ම ඇත්තේ එකම ලස්සනකි.         ඒත් නුඹේ සිත  සමේ පැහැයට සමාන නොකරන්න. කළු ඔබේ සිත සුදු විය හැකිය. සුදු ඔබේ සිත කළු විය හැකිය.        ඔබ සුදු වුවද  කළු වුව ද විය යුත්තේ ඔබේ සිත, එනම් සිතුවිලි පවිත්‍ර වීම පමණි.         මන්ද සුදු වුණත් කලු අප හැම දෙනාගේම රුධිරය එකම පැහැයකි. ඒ රක්ත පැහැ රුධිරයයි සුදු කළු වන සමාජයේ බෙදී සිටින සෑම මිනිසාගේම නහර වල දුවන්නෙ.

කුරුණෑගල හැදුණු හැටි

Image
                  දඹදෙණි රාජධානියත්, කුරුණෑගල් පුර රාජධානියත් අයියයි මල්ලියි වගේ. බොහෝම  සමීපකම් තියෙනවා. කුරුණෑගලට කිට්ටුව ඕනෑම කෙනෙකුට ඉස්සරවෙලාම පෙනෙන්නේ ඇතුගල. ඇතුගල  හරියට ඇත්තෙක් දණ නමාගෙන වකුටු වෙලා ඉන්නවා වගේ පෙනෙන්නේ. ඇතුගල වටේට තව විශාල ගල් පර්වත රාශියක් විසිරිලා තියෙනවා. ආඳාගල, ඉබ්බාගල, කුරුමිණියාගල, එළුගල, කිඹුලාගල, කොළ පැලැල්ල මේ ඒ ගල්වලට දීලා තියෙන නම්.               ඉතින්  මේ ගල් වලට් නම් හැදුන හැටිත් හරි අපූරු කතාවක්. බොහොම ඉස්සර  කාලෙක මේ කුරුණෑගල  ප්‍රදේශයට දැඩි නියගයක් අල්ලලා තියෙනවා. ගහකොළ මැරිලා ගියා. සතාසීපාවා මැරිලා ගියා. හේන් කුඹුරු පාළුවට ගියා. බොන්න වතුර ටිකක් නැතිව ගියා. හරිම රස්නෙ. මිනිසුන්ට ඉන්න හිටින්න බෑ. ඉතින් වටේ තිබුණ හැම ඇළ, දොළ, වැව් හිදී ගියා.  හැබැයි ඇන්නොරු වැවේ විතරක් වතුර ටිකක් ඉතුරු වුණා. ඇන්නොරුව කුරුණෑගල නගරය ළඟමයි තියෙන්නෙ. ඉතින් දවසක් මේ මහා නියගය කාලය ඇතකු, ඉබ්බෙකුයි, කුරුමිනියකුයි  එළුවෙකුයි, කිඹුලෙකුයි  වැවෙන් වතුර ...

ස්ත්‍රී

Image
  කතක් විදිනා දුකක් දන්නා එකෙකු නැත මේ ලෝ තලේ ඇගේ පිරුණු ලැම සිනිඳු සම රාගයෙන්  මත් දෙතොල්  රස දන්න  උන් ඇත හැමතැනේ එකෙක් නෑ නැවත මොහොතකට සිතුවේ  කතකගෙ වේදනා කිසිදිනේ  හැමඑකා බැලුවේ  විදින්නයි ඇගේ රූ සපු රටා..

ආරාධිත අසම්මතය...

Image
  අනාරාධිත වුවත් නුබෙ හුස්ම ආරාධිතයි ඒ හැගුම අසම්මත නම් එපෙම සම්මත කවක් නොලියේ ද කිසිදින ගැයෙන තනු මුසු කරයි නම් නද වැයෙන හඩ මියුරුයි ද සදහට ගැයෙනුයේ ප්‍රේමයමද නුබෙන් මට නැති ද විරහවේ කවක්  මතුවට අසම්මත වූ පෙම් කවක් තුළ  ප්‍රේමයමද  සැගවුණේ පද තුළ   කවිය ගයා නිමක් වන විට මුල් පදේ රහ කොහෙගියේදෝ අවසනට පෙර නැවතූ පදෙන් නුඹ හෙට  අරඹන්න කවක් අලුත් තාලෙට ඒ ගැයූ ගීයම හිමීට  හැකිනම් තබන්න කවිය පුරාවට රහ හරි ලස්ස නට..

නුඹ නුඹම වෙන්න

Image
      නුඹ ද මා ද අප ලබන ජීවිතේ කිසිදා අප ඉල්ලා ලබාගත් දෙයක් නොව. එය අපට ලබා දෙන්නනක් ඉතින් සතුටින් වුව අසතුටින් වුව අප එය භාරගත යුතුයි.               ජීවිතය මහ මුහුද වගේ පිටින් අපේ ජීවිතය බලන හැමෝම සුන්දරව විදිනවා. බලනවා. බලල ලස්සනයි නේද කියලා යනවා. මුහුද බලලා රළ පාගල යන කවුරුත් දකින්නෙ මුහුදේ ලස්සන විතරමයි. ඒත් මුහුදේ ඇතඇතුළාන්තය  ගැඹුර දකින්නෙ ම නැති තරම්. හැමදාම එකම විදියට රැලි ගගහා වෙරළට එනවා යනවා. ජීවිතයත් ඔහේ ගලාගෙන රැළි නග නග තියෙනවා.        මුහුද අකමැති ඇති හැමදාම සිඹින එකම වෙරළ හැමදාම දකින්න. ජීවිතත් එහෙමයි. ඒත් මුහුද වගේ දරාගන්න.          හැමෝම ලස්සන දකින මේ මුහුද වෙලාවකට රළු වෙනවා. සිතන්න සුනාමිය කෙතරම් කුරිරු ද? සිතා ගත නොහැකි නිමේෂයකින් ආපු සුනාමිය වගේම අපේ ජීවිතවලට ද නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ප්‍රශ්න එනවා. මුළු ජීවිතයම කළඹන්න පුළුවන් තරම් ඒ ප්‍රශ්න වට්ටනවා. ජීවිතයේ මුහුණ දුන්නු  අන්තෙටම වැටුණු  අත්දැකීම්, කතාවක් හැමෝගෙම ජීවිතවල සුනාමිය වගේ සැඟවිලා දැන් මුහු...

පන්හිද නුබේ වූ මගේ සිත

Image
 දුකේ මිහිරි රස ලියන විට කුරුටු කර කවිපද පන්හිද හඩනු කිම දිනක රසය එයයි කීමට ඇති කතාවේ සැගවුණු තැන හිර කරපු සිතුවිලි නුඹ පමණක් දනී  අකුරු කළ නිසා හිමීට ඉතින් පන්හිඳ රකිනු පිටු තුළ  නුබේ වූ මගේ සිත පරිස්සම් කර...

හන්තාන සිහිනේ ....

  ගීතය විචාරය   බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ  දරා නෙත් අග දොවා සිත් මල  ගොතනු මැන ළදුනේ  සංසාර සිහිනේ  වැහි පබළු යට  රගමඩල මැද  ඔබේ... දෑතේ තුරුළු වෙන්නට  බිසෝ හැර ගිය  ලසෝ රග හළ අමාවක අදුරේ  ගොතනු මැන ළදුනේ  වඩින තුරු සද දුරින් ඉන්නම්  තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ  හන්තාන අරණේ  පද රචනය -  ජානක සිරිවර්ධන  ගායනය-  පණ්ඩිත් ඩබ් . ඩී අමරදේව , උමාරියා සිංහවංශ           මෙය හන්තාන අඩවිය පාදක කර ගත් ගීතයකි. අපි හන්තානේ කිව්ව ගමම දන්නවා මේ කියන්නෙ පේරාදෙණිය සරසවියේ ප්‍රේම කතාවක් කියලා. නමුත් මේක අපි අහල තියෙන කතාව නම් නෙවෙයි මේක ඇතුලේ කියන්නේ ගැහැණු ළමයා වැලපෙන්නේ ප්‍රේමයක් වෙනුවෙන් තමයි. හැබැයි අපි හිතෙන්න ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි. සරලවම කියනවා නම් ඒක ඇතුලේ තියෙන්නේ සරසවි ශිෂ්‍යයාවක් සරසවි ඇදුරෙකුට පෙම් කරන කතාවක්. අන්න ඒක නිසා තමයි මේ හන්තාන සිහිනේ නෙලාගන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නේ.          සරසවි ඇදුරුවර...

මේ මාධ්‍ය සාක්ෂරතාව ජනමාධ්‍ය කලා සමගයි හැදෙන්නේ...

Image
මහාචාර්ය ආරියරත්න ඇතුගල සාක්ෂරතාව කොහොමද හඳුන්වන්නේ?         ඔව් සාක්ෂරතාව කියන එක ඉතාමත් පුළුල්  විෂයක්. මේ විෂය වාග් විදයාවෙන් බිදිලා තමයි සෙසු විෂයන්ට ගලාගෙන යන්නේ. එතකොට සාක්ෂරතාවය කියන්න ඉස්සෙල්ලා  තේරුම් ගන්න දැනගන්න හොඳයි අසාක්ෂරතාව කියන්නේ මොකක්ද කියලා. එතකොට එයින් මූලික වශයෙන් කියන්නේ කියවීමට නොහැකි කියන අර්ථය සාමාන්‍ය්යෙන්. නමුත් ඒ අර්ථය තුළ සැඟවුණු තවත් කාරණා තියෙනවා. අපි කිව්වොත් එහෙම රටේ ඉන්නවා හොඳම කලාකාරයෙක්. ඒ කලාකාරයා ගැන දන්නේ නෑ කියලා කියලා කියනවා නම් ඒක අසාක්ශරතාවය පිලිබඳ ප්‍රශ්නයක්. රටේ නායකයා හරි වෙනත් විශේෂිත පුද්ගලයෙක් ගැන ඇහුව දන්නේ නෑ කියනවා  නම් ඒක අසාක්ශරතාවය පිලිබඳ ප්‍රශ්නයක්. එතකොට ලිවීමේ කියවීමේ කාරණයක් නෙවෙයි.        එතකොට සාක්ෂරතාව කියලා කියන්නේ භාෂා අධ්‍යයනයෙන් පස්සෙ එන සංකල්පයක්. එතකොට මේකේ එන්නේ විවිධ කාරණා නිසා. සාක්ෂරතාව පිළිබඳ අධ්‍යයනය වාග් විද්‍යාවෙන් පටන් අරගෙන එක මානව විද්‍යාව, සමාජ විද්‍යා වගේ විවිධ විෂයයන් කරා ගමන් කරනවා. එතකොට මාධ්‍යයට එන්නේ මාධ්‍යයට තියෙන භාෂාව ලිඛිත හෝ කථික භාෂාව පමණක්ම...

සිනහව....

Image
  කියා ගනු බැරි                 වදන් දරා ගනු බැරි                   හිතින් අඩා වැළපෙන්නට ඉඩ  නැතත් සිනහසෙන්නට හැකිය  සැමටත් මුව වසා යන               සිනහවේ තිබේ බොහො දේ        මුලා වී කදුළක් හෙළනු බැරි    තැනේ සිනහව වසාගයි           මුවේ විදින විදවන ජීවන                නැවේ සැඩ රළට හසුවේ නොසිතූ   ලෙසේ දරාගනු බැරි තැන                    මෙසේ වසාගයි සිනහව සිත්අහිමියෙකු   සේ

ජීවිතය ...

Image
  අන්තයක් නැති මේ             චක්‍රයේ දොම්නස් සොම්නස් මැද      අපේ සොයමින් සැපක් සැම         දිනේ ගලා යයි ජීවිත                      ඔහේ හැලෙනා කොළ ලියලනා      ගහේ වසිනා වැසි නියග                  වෙතේ ගලනා ජීවිත බාධක              පෙලේ සතුට මෙන් දුකත්                  උරුමවේ අහසට සද වට තරු                 දිලේ පිරී යන අහසේද තරු නැති     වෙතේ අහඹුවෙන් එනයන තරු වැල් මෙසේ කියා දී යයි පාඩම් බොහෝ     ජීවිතේ

මගෙ දුවේ....

Image
 මගෙ දුවේ හොරෙන් විත් රහසක් කියන්නම් ඔබේ කනට කර අසාගෙන එය ඇයට කියනවා ද මා පනමෙන් ආදරේ කළ වග නුබෙ මවට දුවේ නුබයි මගෙ ලෝකය  එය දුන්නේ නුබෙ මවයි මා හට ඇය තැවේ අද සොවින් පවසන්න ඇයට තව තුටින් කල් ගෙවනු මැන මා හැර ගියද මේ ලොව මගේ ලොව දුවේ නුබ වග ඉතින් මගේ ලොව නුබේ මව ළග දමා ගිය බව පවසන්න තුටින් කනට කර විගහට අවදිව මගෙ දුවේ..... . .

රතු රෝස පොහොට්ටුව🌹

Image
ප්‍රේමයේ රතු රෝස      පොහොට්ටුවේ තිබූ මෘදු සුවද          අනුරාගයේ පෙති දිග හැරෙන හෝරාව      සරාගයේ කියා දේදෝ ප්‍රේමයේ       උන්මාදේ  වෙලා ගත් දාක කළු දුහුල් පට     රාගේ තත් ස්වරත් ගොළුවේද               රහසේ පෙති මිලින වී ගිලිහී යාදෝ        රහසේ ඉඩක් නොතබාම සිඹින්නට        සුවදේ

වරදකරු ස්වාමීනී....

Image
Abhisheka Wimalaweera ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා  මුගුරක් අරන් ඇනපන් තදින්  භුමියට තාම පණ තියෙනවා හත් මාල නළල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති නෑ නෙත් අඳුන් යටින් ගලනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා ගිනි කඳුළෙන් දෙමට මලෙන්    නයි කඳුළෙන් නුග කොළයෙන් ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන් දිරිය අරන් පිපියන්.. මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා.       සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රිය අද ගැහැනියක් ලෙස ජීවත් වන නමුත් ඇය ඉපදෙන විට පිරිමියෙකු ලෙස සැලකේ.  සංක්‍රාන්ති ලිංගිකයෙකු අද පිරිමියෙකු ලෙස ජීවත් වන නමුත් ඔහු ඉපදෙන විට කාන්තාවක් ලෙස සැලකේ.  සමහර සංක්‍රාන්ති ලිංගිකයන් හඳුනා ගන්නේ පිරිමි හෝ ගැහැණු හෝ පිරිමි හෝ ගැහැණු ලෙස හෝ නොවේ. අභිශේකාගේ මේ ගීතය හරහා පෙන්වනුයේ එවන් කාන්තවකගේ ප්‍රේමයේ ගැඹුරය.       සමාජයේ කතාබහට ලක්නොවන භූමි  වැනි කතුන් ඕනිතරම් ඇත.  ඔවුන්ට ද හිතක් ඇත. ආද...

තහනම් කුසුම ...

Image
  ආදරේ  ප්‍රාතිහාරී විල් තෙරේ මැද පිපුණ  නාරී නෙලා ගනු බැරි  ස්නේහවන්තී නුඹය මාගේ  ප්‍රේමවන්තී වින්ද ප්‍රේමය  ආලයේ තබා අත්සන  නීතියේ සිර කරා නුඹ  රාමුවේ වෙන් කළා අප මේ  ලෙසේ ඉතින්,.... තහනම් කුසුමය නුඹ මට අසම්මත වූ අප පෙම් කවේ සිඹිනු බැරි මගෙ කුසුම බලා සැනසෙමි මා අද නුඹව

රැයකට නොවේ...

Image
  රැයකට නොවේ.... සේද රන් සිළ පාට කර එකින්නෙක ගැල්වුවත් ප්‍රේමයේ රාගය නුබට හිමි එකම රන් සිළ මා නොවේ නුබේ පතිනිය මට හිමි එකම ස්නේහය නුබ වුවත් රැයකට  ගෙවෙයි කාසියකට නුබේ ඔය ප්‍රේමය තවත් එක් රැයකට නොවේ අවැසි මට වෙන්න පතිනියයි සදහට නුබ නමින් සයනයට නම් නොව එක් රැයකට 

වීදි සරන්නී

Image
  රාගයෙන්  මත් තොල්        සායමෙන් නාස්පුඩු වශිකෘත වනා     පුසුඹෙන්  හැඩැති වැසුණු නොවැසුණු ළය මතින් සරයි රෑ මැදියමේ ඒ              ළදුන් නන්නාදුනන ඇසුරු           සොයමින්  සරන්නට වීදි සරන්නියක    විලසින්  කාටත් නොකී නොදුටු         වේදනාවන්  සැගවී තිබෙන්නට ඇත ළයේ    ගැඹුරින් 

සීගිරි අප්සරාවක

Image
  මහා කළුගල මුදුනේ  නිරුවත් ඔබේ රුව සිත්තම් වූයේ  දිවමය  රුවක් ලද පවට ගිනිගන්න ඇති නුබෙ ළය මඩල නග්න වූ ඒ රූ සපුවට කුරුටු ගී ලියවුණා කැටපත පුරා  එකෙක් නෑ දුටුවෙ  ඔබෙ ළයේ ගැඹුර නග්න රූ සිරියයි  කැටපත පුරා ලියවුණේ   අප්සරාවක වුවත්  ඇයත් එක් තව ගැහැණියක්...