Posts

Showing posts from October, 2022

ගිරිදේවි විචාරය

Image
ගිරිදේවි ටෙලි විචාරය ....             හොඳ ටෙලි නිර්මාණයකට අප රටේ නාලිකාවන් තුළ තවමත් ඉඩ ඇති බවට සාක්ෂියකි ස්වාධීන රූපවාහිනිය විකාශය වූ කොටස් අසූ ගණනකින් යුක්ත ගිරි දේවි ගිරිදේවි ටෙලිනාට්‍ය. ටෙලිනාටය ශාන්ති දිසානායක නවකතාවක් ඇසුරෙන් සමන් කුමාර ගමගේ තිර රචනය කරන ලද්දක් ය. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ අතර කැමරා අධ්‍යක්ෂණය ඉන්දික ලක්මාල්ගෙ ය. ශ්‍රීනාත්  පෙරේරාගේ නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිත ශලනි තාරකා සමග දසුන් පතිරණ  මවන අතර සෙසු නළු නිළි කැල ඇතුළු අනෙකුත්  සියලුම සද්ජනයන්ගේ නිර්මාණාත්මක දායකත්වය ප්‍රශංසනීයයි.        යක්ෂණියක වූ ගැහැනියකගේ ස්වයංවරය තේමාත්මකව රැගත් අපූරු ටෙලි නාට්‍යයකි. ගිරිදේවි හැදු වැඩුවන්ගේ සිට නොදන්නා නුපුරුදු උන්ගෙන් පවා තැලෙමින්, පොඩිවෙමින්, සීරෙමින්, වැටෙමින් ආයෙමත් නැගිටිමින්හ, හතිලමින්, දුවමින් පපුපතුලේ  කකියමින් රිදුම් දෙන වේදනාවෙන් බිදකුදු ඉහලට විත් ඇහි දාර දිගේ පල්ලම් බහින්ට නොදෙනා සමස්ත කුමරි කුලයේ යක්ෂණින්ගේ ධෛර්යයෙන් වෙළුණු ඒ කඳුළු කතාව තුළ ඇය නමින් ආශා ය. මෙතුළ සීතම්මා, සඳුන්, ආශා, සඳුන...

කෙටිකතාව❤️

Image
  ඉතින් මම යන්නම්.....       ඇතුගල   අද අදුරු වෙලා වගේ. රන්තාලිය වැවත් දුකින්.පොරොන්දු වුණත් දෙන්නම එන්න, අද මම විතරක් බංකුවේ තනියෙන්. උදෙන්ම ඇතුගල්පුරට ආවෙ ඇත්තටම පරණ මතකයන් ඔක්කොම එදා අපි වෙන්වුණ තැනදිම වැවට දාලා යන්න. එදා එයත් එක්ක ආපු දවසෙම මුලින්ම ගියෙ වැවට. ඒ නිදහසේ කතා කරන්න ගොඩක් දේවල් අපි දෙන්නටම එදා තිබුණු නිසා.       විසලුයි මායි ඉගෙනගත්තේ එකම කැම්පස් එකේ. ඒත් කැම්පස් අවුට් වුණාට පස්සේ අපි දෙන්නම හම්බුනේ ඒ ගොඩක් කාලෙකින්. ඔව් ඒක එයා කියන විදියට නම් මං එයාට කතා කරපු නිසා. අපි දෙන්නම ආදරේ කරා තමයි, ඒත් එයා මට කරපු ආදරයට වඩා ගොඩක් මම එයාට ආදරේ කලා. ඒක විසල් හොදටම දන්නවා. තාත්තගේ වගේ ආදරයක් ලැබෙන්නේ තවත් පිරිමියෙක්ගෙන් කෙල්ලෙකුට කලාතුරකින්. මම හිතනවා විසල්ගෙන් මට ඒ ආදරේ ලැබුණා. මට ඒ ආදරේ දැනුනා. ඒක එයා හම්බුන පළවෙනි දවසෙම දැනුන දෙයක්. කාලයත් එක්ක එයා මගෙ ජීවිතේම වුණේ මොකක්දෝ ආත්මගත බැදීමක් වගේ.       " විසල් මට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න පුලුවන් ද? " ඒ මම මාස හයකට පස්සේ විසල්ට ගත්ත කෝල් එක. " කවුද මේ...? "    ...

රතීගෙන් නිලමෙට...

Image
 නටපන් හනිකට පාද තියා  රිසිසේ  පැද්දෙන  උකුලේ නැළවෙන  ළැමදේ අයිතිය නැති මුත්  රතියේ විදින්නම්  රකින්නම් ඔබත් නොදත් දේ  රහසේ නිලමේ පට්ටම් ගලවා පවුටුවකු  සේ නිලමේවරු නැතිවාට කම්  නැත ආලේ කළේ එක සිතින්  මා සුබේට පමණයි මගෙ දිවි  මඩලේ පවිටක් නොකළ සුබේගේ ම රතීය  මා සැමදා රාවණා  පරපුරේ    

ආදරේ කියන්නේ වයිරස් එකක්..

Image
ආදරේ කියන්නෙ වයිරස් එකක්....   ප්‍රේමය කියන්නෙම වයිරසයක්.වයිරසය  ඇගට ඇතුල්වෙන වෙලාව සොයාගන්න බෑ වගේම ප්‍රේමය අප වෙත එන මොහොත ද එම වයිරසයට ගොදුරු වන නිමේෂයද අපට සොයාගත නොහැකිය. වයිරසයේ අන්තිම අදියර ප්‍රේමයේ උච්චතම අවදියයි.    ප්‍රේමය මාරම ලස්සනයි.තව පැත්තකින් ප්‍රේමය මෙලෝ රහක් නෑ.ප්‍රේමය පිවිතුරුයි. තව පැත්තකින් ප්‍රේමය කරුම ගෙවීමක්. ප්‍රේමය කියන්නෙ සුන්දර මතකයන් ගොඩක් . තවත් පැත්තකින් ප්‍රේමය කියන්නෙ ජීවිතේ විදපු අසුන්දරම මතක ගොඩක්.   ඉතින් ප්‍රේමය සෑම පෙම්වතුන්ටම එක වගේ නෑ.ප්‍රේමයෙන් විදින ජීවිත මෙන්ම ප්‍රේමයෙන් ජීවිතයම විදවන පෙම්වතුන්ද ඇත. මෙයින් විදවන පෙම්වතුන් සෑම තැනමය.   ප්‍රේමය නියා හිමිවනුයේ ස්වල්ප තාවකාලික සැපතකි. මිහිරකි. සතුටකි. නමුත් ප්‍රේමයෙන් අහිමි කර ගනුයේ යමෙකු ඔහුගේ ජීවිතයමය.   ඉතින් ජීවිතයේ Target එකක් හමුවෙන්නත් Target නැතිවෙන්නත් ප්‍රේමයම ඉවහල්වේ. යොවුන්වියට පා තබන විට තාරුණ්‍ය ඔවුන්ගේ විරුද්ධ පාර්ශවය ගැන ප්‍රේමක්,ආශාවක් ඇතිවීම ඇය මගේ කර ගත යුතුය . ඔහු මගේ කර ගත යුතුය යන ආශාව හට ගැනීම සාමාන්‍යය. මෙය බොහෝ විට රූපයේ ඇලීම මත හට ගන්නා ප...

හතරමං හන්දියක අතරමං වී ඇති Teledrama...

Image
    හතරමං හන්දියක අතරමං වී ඇති Teledrama...      ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ ආරම්භය සිදුවනුයේ  1982 දී විකාශය වූ " දිමුතු මුතු " ටෙලි නාට්‍ය සමඟය. සිංහල ටෙලි නාට්‍ය කලාව එසේ ආරම්භ වී 80 වසර වල සහ 90 දශකය තුළ දැඩි පිබිදීමකින් යුතුව වර්ධනය විය. විශේෂයෙන් ගිරය, පලිගු මැනිකෙ, කඩුල්ල, යශෝරාව, හිරුට මුවාවෙන්, රතු රෝස, අසල්වැසියෝ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, දඩුබස්නාමානය, වෙදහාමිනේ, අකාල සන්ධ්‍යා, කීටයා, අඹ යාලුවෝ, දළ රළ පෙළ, බැද්දෙගෙදර, අඹුදරුවෝ, කන්දෙගෙදර, ගජමන් නෝනා, ඉන්ගම්මාරුව, ටාසන්, දූ-දරුවෝ ආදී විශිෂ්ට නාට්‍ය රැසක් 80 සහ 90 දශකයේ බිහි විය. සෑම එකක්ම පාහේ පිටපත, අධ්‍යක්ෂණය, කතා තේමාව, තාත්වික නළු නිළි රගපෑම්, නිර්මාණශීලී බව ආදී සියලු දෙයින් සමන්විත පරිපූර්ණ ඒවා විය. එනම් සරළව කිවතොත් 80 සහ 90 දශකය සිංහල ටෙලිනාට්‍ය  කලාවේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වා දිය හැකිය.     නමුදු හතරමං හන්දියකට පැමිණි ටෙලි නාට්‍ය කලාව 2000 දශකය ආරම්භ වීමත් සමඟ යම් ඒකාකාරීත්වයකට යොමු වීමට පටන් ගැණුනි. එය 2005 වසරේ බහුලව පෙන්නුම් කිරීමෙන් මෙම ටෙලි නාට්‍ය කලාව පසුබෑමකට ලක් වන්...

ලෝකයේ භයානකම සෙල්ලම...

Image
  හැගීම් මිනිස් ජීවිතය තුළ ප්‍රබලතම දැනීම් වේ. හැගීම් මිනිසුන්ව ජීවත් කරවන්න අරමුණු තනනවා. විටෙක හැගීම් මිනිසුන් ජීවත්ව සිටිද්දිම ප්‍රාණය නිරුද්ධ කරන්න තරම් ප්‍රබල වෙනවා.හැගීම් මිනිසා ජීවත් කරවන්නත් මිනිසා පණ පිටින් මරා දමන්නත් පුළුවන් එක්තරා ආකාරයක ඉන්ජක්ෂන් එකක්.    අධි මාත්‍ර වූ හැගීම් ගනුදෙනු එක්ක ඕනම කෙනෙක් විදිනවා. ඒ වගේම විදවනවා. හැගීම් කියන්නේ ඒ තරම්ම ජීවිත වෙළාගෙන සිටින්නක්.       සිතන්න ඔබ කෙනෙකුගේ හැගීම් සමග සෙල්ලම් කරන්න තෝරාගත්තා කියලා. මෙහෙම කිව්වොත් ඔයා ටයිම් පාස් කරන්න ගේම් එකක් විදියට කෙනෙකුගේ හැගීම් තෝරාගන්නවානම් ඔයා තෝරගෙන තියෙන්නෙ ලෝකේ භයානකන සෙල්ලමයි.        නුඹ කෙනෙකුගේ ජීවිතය ඔට්ටුවට අල්ලා ක්‍රීඩාවක් කරනවා යැයි සිතන්න.එය තම ජීවිතය ඔට්ටුවට තැබූ පුද්ගලයට වේදනාවක් නොවනු ඇත.මන් ද ඔහු එය සිය කැමැත්තෙන් සිතා කරන දෙයක්. ඔහු ඔට්ටුවක් බව දැන දැනමය ජීවිතය ඔට්ටුවට තියන්නෙ.         ඒත් හැගීම්....... කිසිම කෙනෙක් තම හැගීම් නම් ඔට්ටුවට තබන්නේ නැත.පුද්ගල ජීවිතය තුළ බලෙන් ඇති කර ගත නොහැකි එකම දෙය හැගීම් විය හැක...