ඇත්කද රජමහා විහාරය
කුරුණෑගල රාජධානියේ මාණික්‍යයක් බදු වූ ඇත්කද රජමහා විහාරය ..... කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය වයඹ පළාතේ අගනගරය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ද වෙයි. අතීතයේ මෙම නගරය හස්ති ශෛලපුර ලෙස හදුන්වා දී ඇත. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැට්ටුවාන ග්‍රාමසේවා වසම තුළ පිහිටි ඇත්කද රජමහා විහාරය ඓතිහාසික ඇතුගල්පුරයේ පිහිටි පෞරාණික පුදබිමකි. කුරුණෑගල මහනුවර මාර්ගයේ ප්‍රධාන හතරමං හන්දියේ සිට මීටර් 300ක පමණ දුරින් ගියතැන ඇත්කද රජමහා විහාරය අපට දැකගත හැකි ය. පුරාණ සත්කෝරළයට අයත්ව පැවති ප්‍රබල කෝරළයක් වන වෑ උඩවිල්ල හත්පත්තුව තුළ ස්ථානගතව පවතී. ඇතුගල මහා පර්වතය මායිම් කරගෙන ඇත්කද රජමහා විහාරය ඉදි කර ඇත. ඇත්කද රජමහා විහාරයත් සමගම සම්බන්ධව ඇති ඇතුගල හෙවත් ඇතාගල ද කුරුණෑගල පුරවරයේ ඉතා ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිණියාගල, ආදාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැදුණු පර්වත සහ කුවේණිය සමග බැදී තිබෙනවා. විජය රජු විසින් නෙරපා හරින කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් යම් ශාපයක් සිදු කළ බවත...