ප්‍රේමය කියන්නෙම අත්හැරීමයි....

   ප්‍රේමය ඒ අකුරු තුන කියන්නෙම හරි අමුතු හැගීමක්.

      ප්‍රේමයෙන් මුණ ගැහෙන්නන් ප්‍රේමයෙන් වෙන් වී යයි. තවත් විටෙක වෛරයෙන් මුණගැසෙන්නන් ප්‍රේමයෙන් එක්වේ. තවත් විටක ප්‍රේමයෙන් මුණගැසෙන්න ප්‍රේමයෙන් ම එක් වේ. තවත් විටෙක ප්‍රේමයෙන් මුණගැසෙන්න වෛරයෙන් වෙන්වී යයි.

      ඉතින් මේ අකුරු තුන කියන්නෙම මහා පුදුමාකාර හැඟීමක්. එක එක්කෙනාට ප්‍රේමය මුණගැසෙන විදිහ , ප්‍රේමය ඔවුන් වටහා ගන්නා අයුරු මෙන් ම ප්‍රේමය ඔවුන් විදින  ආකාරය එකිනෙකාට වෙනස් ය. 

     ප්‍රේමය තුළ තුල අතහැරීම ප්‍රබල වූ හැඟීමකි. ප්‍රේමය කියන්නෙම අල්ලා ගැනීම ම නොව. ප්‍රේමය  කියන්නේ අතහැරීක් බව තේරුම් ගත යුතු දෙයකි. 

       සංසාරිකව හමුවන පෙම්වතුන් ප්‍රේමයේ විරහා වෙන් ප්‍රේමයෙන් ම වෙන් වී ගිය තැන් ප්‍රේම පුරාවෘත්ත වල පටන් අසන්නට දකින්නට ලැබෙන්නකි.

      සීතා රාම්ට ප්‍රේම  කළා ය.  කාලි ශිවට ප්‍රේම කළා ය. රාධා ක්‍රිෂ්ණාට ප්‍රේම කළා ය. ඒ කිසි තැනක ඔවුනට ඔවුන් හිමි වූයේ නැත.

      පාරු දෙව්දාස්ටත් ,  රාම් සීතාටත් , මස්තානි බජරාම්ටත් , සරූ  ඉන්දදර්ටත් ප්‍රේම කළා. 

   ඒත් ඒ හැම ප්‍රේම කතාවකම අවසානය අත හැරීම පමණක් වුණි. ඔවුන් එකිනෙකාට වෛර නොකර  තව තවත් ප්‍රේම කළේ අතහැරෙන බව අතහැරුණු බව දැන දැන ම ය. 

    ඉතින් හිමිකර හිමිකරගැනීමම නොවේ ප්‍රේමය. ප්‍රේමය කියන්නෙම අතහැරීමයි. 

   අත්හැරීම කියන්නෙම ප්‍රේමය යි.



Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️