ආත්මාර්ථකාමීත්වයෙන් තොර පරාර්ථකාමීත්වය

        හිතන්න ඔබ ඔබට වනවාට අකමැති දෙයක් තවත් කෙනෙක්ට වනවාට කැමති ද? නෑ නේද? එහෙම හිතන්න පටන් ගත්තහම තමයි කෙනෙක් අන්න එතනින් තමයි පරාර්ථකාමීත්වය ගොඩනගාගන්නෙ.


            ආත්මාර්ථකාමීත්වය , මේ දේ මට විතරයි. වෙන කිසිකෙනෙක්ට මේක අයිතිවෙන්න හොද නෑ. මට වඩා කවුරුත් ඉදිරියට යන්න හොද නෑ. කෙනෙක් මෙසේ තමා ගැන පමණක් සිතන්නේ නම් එම පුද්ගලයා ලෝකය දකින්නේ නැත. තමන් ගැනම අදිමානෙන් ඉද කටයුතු කරයි. 

        විය යුත්තේ එසේ නොවේ. ඕනම පුද්ගලයෙක් තම ජීවිතය තුළ මුලින්ම සිතන්නේ තමා ගැන බව ඇත්තකි. නමුත් අප ජීවිතය තුළ අනෙකා ගැනත් සිතිය යුතුය . අනෙකා පරයා යාමට උත්සාහ කරන මොහොතේ අනෙකාට උදව් කරමින් ඉදිරියට යාමට පියවර ගැනීම හරිම ලස්සනයි . කෙනෙකුගේ දියුණුවට ආත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමීත්වය බලපායි. එවන් පුද්ගලයින් තුළ කිසිම විටක තමා ගැන කලකිරීමක් හට නොගනී. 

     පරාර්ථකාමී වන පුද්ගලයා තමාට නොදැනීම දියුණුව කරා ඉතා ඉක්මනින් ගමන් කරයි. ඔබ ආත්මාර්ථකාමියකු වනවා ද පරාර්ථකාමයකු වනවාද කියා තීරණය කරන්නේ ඔබේම සිතුවිලි ය.

        අනේ මේ දේ මටත් වුණොත් යන සිතුවිල්ල ඔබ තුළ පවතින තුරු ඔබ අනෙකාගෙ කකුලෙන් අදින්නට දෙපාරක් සිතයි. නුබට නොදැනීම ඔබ සැමට ඔබේ අත දිගු කරයි.




Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️