නුඹ කාන්තාවක් ද ? ....

 කාන්තාවන් ගැන වැරදි අර්ථකථන දෙන්නේ -


" ඇය විසින් ප්‍රතික්ශේප කල පිරිමියෙක් 

                             හෝ, 

  ඇයට ඊර්ෂ්‍යා කරන ගැහැණියකි....!


ලෝකය තුළ කාන්තාවට තනිව ජීවත්විය හැකිද?
 
           බෑ  කාන්තාවට මේ සමාජයේ තනිව ජීවත්විය නොහැක. ඒ සියල්ලක්ම පවසන්නකි.
        ඔබ කාන්තාවක් ද යන්න වැදගත් නැත. නමුත් ඔබ ශක්තිමත් ද  ඔබ දුර්වල ද යන්න වැදගත් වේ. ඔබ ශරීරය නොව සිතින් ශක්තිමත් නම් නම්න් ඔබ ශක්තිමත් ගැහැනියකි.  නුඹ ඉක්මනින් මානසිකව කඩා වැටෙනවානම් නුබ දුර්වල ගැහැනියකි. 
     ඔබ දුර්වල වීම ඔබ ඔබටම කරගන්නා වූ හානියකි.  ඔබ දුර්වල වනවිට සමාජය ඔබව තව තවත් පෙළයි. හිංසා කරයි. නමුත් නුඹ ශක්තිමත් නම් නුබේ අභියෝග වලට , මුහුණ දීමට වන ගැටලුවලට එඩිතරව මුහුණ දෙනවා නම් සමාජය ඔබට  යමක් කීමට පෙර යමක් කිරීමට පෙර දෙවරක් සිතා බලයි. මන්ද ඔවුන් ඔබට බිය වේ. ඒ නුඹ ශක්තිමත් නිසාය.
         පිරිමියෙක් හමුවේ වුව කාන්තාව  නොසැලී සිටිය යුතුය. නුඹගේ ජීවිතය අයිති නුඹට මිස වෙනකෙකුට නොවේ. 
     ඉතින් ඔබට පීඩා ගෙන දෙන්නවුන් ප්‍රතික්ෂේප කරන්න. නුඹට ඉරිසියා කරන්නවුන් එක්ක තරහ නොවන්න. ඔවුන් සමඟ හවසට තේ එකක් බොන්න තරම් නුඹ  ශක්තිමත් ගැහැනියක් වන්න.
        නුඹට සමාජය තුළ තනිව ජීවත් විය හැකිය.  නමුත් තනිව ජීවත් වීමට නොව නුඹ ශක්තිමත් ව  ජීවත්වීමට හැකි කාන්තාවක් වන්න.

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️