ගැහැණිය
ලෝකය මැවූ සුන්දරතම දෙයකි කාන්තාව. ඇගේ රූපය සිත් ඇදගන්නා සුලුය. ලෝකය සුන්දර කරන්නේ ගැහැනියයි.
ගැහැණිය කියන්නේ එක්තරා විදියක පොතක්. ඒක හැම දෙනාටම කියවිය නොහැකි අමුතු භාෂාවකින් හැඟීම් ගොඩකින් පිරුණු පොතක්.
ගැහැනිය කිනම් හෝ දිනක පිරිමියකු අතට පත්වන පොතකි. එතුළ එම පොත කියවිය නොහැකි පිරිමියෙකු අතට පත්වුවහොත් ගැහැනිය යක්ෂණියක වේ.
ගැහැණියට පාර්වතී දේවිය වීමටත් කාලිය වීමටත් ගතවනුයේ ක්ෂණික තත්ත්පරයකි. ගැහැනිය පාර්වතිය කරනුයේත් විටෙක ඇය කාලි කරනුයේත් පිරිමියාමය.
ලෝකයේ සුන්දරතම නිමවුම් අතරින් අදහාගත නොහැකි නිමැවුම වන ගැහැනිය කිසිදා කියවිය නොහැකි පිරිමියකු අතර පත් නොවිය යුතු පොතක් වන්නේ එහෙයිනි. ඇය පාර්වතියක් වීමට නම් කාලියක් නොකර ගත යුතුය.
ඇය ඇගෙ සියල්ල පිරිමියා වෙනුවෙන් කැප කිරීමට ඕනෑම මොහොතක සැදී පැහැදී සිටියි. ඇයට ආදරය ලැබෙන තැන ඇයට ආදරය දැනෙන තැන ඇගේ ආත්මය ම පුදයි. නමුත් එතැනින් ඇයව රිදවනවා නම් ඇය කාලියක් බවට පත් වේ.
ගැහැනිය කියන්නෙම අනෙකා වෙනුවෙන් සිය ආත්මය පුද කිරීමට තරම් සමත් පිටට නොපෙනෙන ශක්තියකින් යුතු තැනැත්තියකි.
කාන්තාව කිසිදා කාලියක් නොවිය යුතුයි. එය සමාජය, පිරිමියා මත තීරණය වේ.

♥️♥️
ReplyDelete🌹
Delete❤️❤️
ReplyDelete🌹
Delete💖❤
ReplyDelete🌹
Delete👍💙
ReplyDelete🌹
Delete