ඉතින් ප්‍රේමිය,,.....
මට දැනෙන තැන. ඒ නුඹ ඉන්න තැන. මට ඇවැසි දෙය . ඒ නුබේ කාලය. මම මට ප්‍රේම කළේ ය. ඒ නුඹ හමුවීමට ප්‍රථමය. මා දැනුදු ප්‍රේම කරයි. ඒ මා මට පමණක් ම නොවේ. ඒ ප්‍රේමය නුඹටම පමණක්ම පමණි.
නුඹ මා අසලින් සිටින හැම තත්පරයක්ම මා විදිමි. අද ද හෙට ද මතුවට ද මා නුඹවම සොයයි. මට අවැසි නුඹේ සිනාව පමණි. මට අවැසි නුඹේ ඔය සුවඳ පමණි.
ඉතින් ප්‍රේමිය,,.........
මා මෙන් නුඹද මට ප්‍රේම කරන බව මා දනී. මේ ජීවිතය අපි ආදරයෙන් මත් කරමු. ඉතිං ප්‍රේමිය අපි සිත්සේ ප්‍රේමය විඳිමු.
මා නැවත නැවතත් නුඹට ප්‍රේම කරන බව නොපවසා සිටින්නෙමි. නුඹද මට ප්‍රේම කරනා බව කිව යුතු නැත.
නිදහස් ඒ පිය නගමු ප්‍රේමයේ අන්තය හමුවන තෙක් අපි මෙසේ ඇවිද යමු. මේ ඒ ඍතුව යැයි හැම මොහොතක්ම ගෙවමු...

♥️♥️
ReplyDelete😘❤️
ReplyDelete❤️❤️
ReplyDelete💗💗
ReplyDelete