Posts

පොඩි කෝප්පෙ ඔයාට....

Image
  ඔව් ...      මං ආසයි .මං ආසම ඔයත් එක්ක සීතල හවසක ඈතින් කදු අතරින් මීදුන බල බලා රසම රස තේ කෝප්පයක් තොල ගාන්න.      ඔන්න ඔය ලොකු කෝප්පය මගෙ. පොඩි කෝප්පය ඔයාගෙ. තරහයි ද? ලොකු කෝප්පෙ මම අරගෙන පොඩි කෝප්පෙ ඔයාට දුන්නට.   හ්ම්....       කමක් නෑ. තරහ වෙන්න. ඒත් මා එක්කම ඉන්න. අපි දෙන්නම අර ඈත බලාගෙන කිසිවක් කතා නොකර ඉමු.     මං කතා කරයි... ඒත්   දෙන්න එපා මට කතා කරන්න. මට ඕනි ඔයාගෙ හුස්ම අහන්න විතරයි. ඉතින් කතා කරොත් ඒ හඩ මට ඇහෙන්නෙ නැති වෙයි. හැච... හැච..... ම්ම්ම්... ඉවරද දැන් කියවලා.. හ්ම්...ඉවරයි ඔන්න මම කියවලා.        එහෙනම් අපි අර ඈත බලන් අපෙ ආදරේ මුමුණමු ද,.. මං මේ පොඩි කෝප්පෙ තේ එක බොන්නම්.මං දන්නවා ඔයා ඇයි මට මේ පොඩි කෝප්පෙ දුන්නෙ කියලා.මට ගොඩක් ආදරෙයි නේද? මට ඒක දැනෙනවා මේ වගේ පුංචි දේ ගැනත් ඔයා care කරද්දි.      හ්ම්..... ඇති දැන් කෝ මට ඕනි ඔයාගෙ හුස්ම අහන්න.. තව කල් තියේ අපි දෙන්නට ගොඩක් කියවන්න.      දැන් මට ඕනි නිහඩ වෙන්න..ඔයාගෙ පපුව ළග....   ...

ඉතින් අහස...

Image
  අහස කොයින්ද හැඩ  සදේ නුඹ නැතිව සද කොයින්ද හැඩ තරු නුඹ නැතිව ඉතින් අහස... නුඹ ලස්සනම මහ කළුවර රෑට

ඒක.?.. ලෝකයක් වෙනම

Image
  පොතක්        ඒක අමුතුම ලෝකයක්.එකම පොතකින් ඔබත් මමත් දකින ලෝක විවිධාකාරයි.        විටෙක පොත් ඔබේ ජීවිත කතාවම විය හැකියි. එය කියවන ඔබට ඔබවම මැවී පෙනේ. නුබ හිර කරන් ඉන්න සිතුවිලි ලේසියෙන්ම සැහැල්ලු කරගන්න පුළුවන් තැනක් වේනම් ඒ පොතයි.      තිරයක මවාපාන එතුළ අපි දකින රූප ඇත්තටම රාමුවක්.අපි ඔක්කොම ඒ රාමුවේ හිරවෙනවා. ඒත් පොතක්....විටෙක අපි නොහිතන ලෝක වල පවා සැරිසරවයි.   නුබ නොවිදි ජීවිත විදින්නත් විදීම් මෙන්ම විදවීම් දකින්නත් එය තමන්ගේ කරගන්නත් තරම් මේ සමත් ය. හරියටපොත කියන්නෙත් ඒක වෙනමම හැගීමක්. ඒ හැගීම එකඑක්කෙනාට වෙනස්.        ඒක ඇතුළෙ නෑ රාමුවක්.ඔයා දකින ,මම දකින ලෝකය ලෝක දෙකක් වෙනවා එකම පොත ඇතුළෙ.අපි කැමති විදියට අපි කැමති චරිත අපේම අධ්‍යක්ෂණයෙන් රගදක්වනවා අපි  පොත  ඇතුළේ. ඉතින්....      පොතක් කියන්නෙම සීමා නැති,රාමු නැති ,විටෙක අපි අපිවම එතුළ රගදක්වගන්න අමුතුම ලෝකයක්🌎 .

අ.මු.තු.

Image
නුබේ ප්‍රේමය මට හිමි         නැතත් මගේ ප්‍රේමය නුබට              හිමිය නුබේ සිනහව මට හිමි         නැතත් මගේ කදුළ නුබ                     නමින්මය නුබේ කදුළ මා නමින්             නොවුණද මගේ සිනහව නුබ නමින්       පමණය දෑත් පටලන් ඉන්න බැරි           වුණත් මා හදවතින් නුබේ                   ළගමය නුබට මා ළග ඉන්න ඉඩ            නැතත් අයිතියක් නැතිවම තවම මා නුබ ළගමය ඉතින්,,..... අයිතියක් කුමට මට නුබ            ගැන මා හිමි අහිමි වීමක් නැතිවම නුබට  ආදරේය

දැනෙන තුරු ප්‍රේම කරයි..

Image
           ප්‍රේමය කියන්නෙ ම අරුමයක්. අත් හැරෙන බව දැන දැනත් කිසිදිනෙක හිමි නොවෙන බව දැන දැනත් සමහර තැන් වල හදවතින් තදින් අල්ලා ගනී.      ඔව් ප්‍රේමය කියන්නෙම අමුතු දෙයක්. මුළු ලෝකයම ඔබට එපා කියද්දි මුළු ලෝකයාම ඔබව අතාරින්න සූදානම් වෙද්දිත් නුඹ අසීමිතව තව තවත් ප්‍රේම කරයිද?  ඔව් නුඹ ප්‍රේම කරයි. ලෝකයක් ඉදිරියේ කෙතරම් පීඩා බාධක ආවත් නුබ ප්‍රේම කරයි.      අනෙකාව නුඹට කෙතරම් දැනෙනවද එතරම් ඒ දැනෙන තුරු නුඹ ප්‍රේම කරයි. නුඹ තනි උනත්  ප්‍රේමය අත නොහරී.  නමුදු නුඹට අනෙකා දැනීම නැති වූ මොහොතේ නුබ ප්‍රේමයත් අතහරී.        එතෙක් ලෝකයා නුබට එරෙහි වුවත් දිනක අතහැරෙන බව දැන සිටියත් නුබ ප්‍රේම කිරීම අත නොහරී. හිමි වුවද අහිමි වුවද නුබ ප්‍රේම කරයි. ඒ නුඹට අනෙකා දැනෙන තුරු ය. සිතින් බැඳෙනා ප්‍රේමයක අන්තයක් නැත කිසි දිනේ ගතින් හිමි නොවුනත් සිතින් ජීවය තිබේ සැමදිනේ බොහෝ දෙනෙක් නො හදුනනා දෙය එයයි ප්‍රේමයේ...

අල්තිනායිලා දුයිෂෙන්ලා ඇත අදටත්..

Image
ප්‍රේමයට ගළපපන් වචනවලින් නිර්වචනයක් අල්තිනායිටත් බැරි වුණේ  ගළපගන්නට ඇගේ ප්‍රේමයට අර්ථයක් අල්තිනායි උබ කරෙත් ප්‍රේමයක් දුයිෂෙන් නුඹට නොකී  කතාවෙත් තිබුණෙ ඔහුත් නොදත් ප්‍රේමයක් දුයිෂෙන් උඹට කළ ප්‍රේමය දනී පොප්ලරයින් පමණක් ඒකයි අදත් නුඹ දුටුවිට  සුසුම්ලෑවේ පවනින් ඉතින් ප්‍රේමයට කිම නිර්වචනයක් ස්ටෙප් තඹ බිම් මැද පොප්ලරයින් නැතත් වසන්තය එනතෙක් බලා හිදිනා  අල්තිනායිලා දුයිෂෙන්ලා ඇත  අදටත්.....

පිච්ච මලී

Image
  ප්‍රේමී  නුඹ             මාගේ ආලේ පැටලී         සුකුමාලී දෙනවාදෝ  පුරවා ප්‍රේමේ හාදු මැදින්            වස්සානේ නුබය මාගේ     හිමිකාරි නුබය මාගේ      මනමාලි සැගවෙනවාදෝ    පපුතුරේ  රහසේ ගුලි වී      හාදුවේ පිච්ච සුවද රැදි         බාරි සුවදය නුබ මගේ     නාරි මාගේ නේදෝ  මේ   පිච්ච මලි දිවිතුරා නුබ දැන් මා  හුස්මේ

ආත්මාර්ථකාමීත්වයෙන් තොර පරාර්ථකාමීත්වය

Image
        හිතන්න ඔබ ඔබට වනවාට අකමැති දෙයක් තවත් කෙනෙක්ට වනවාට කැමති ද? නෑ නේද? එහෙම හිතන්න පටන් ගත්තහම තමයි කෙනෙක් අන්න එතනින් තමයි පරාර්ථකාමීත්වය ගොඩනගාගන්නෙ.             ආත්මාර්ථකාමීත්වය , මේ දේ මට විතරයි. වෙන කිසිකෙනෙක්ට මේක අයිතිවෙන්න හොද නෑ. මට වඩා කවුරුත් ඉදිරියට යන්න හොද නෑ. කෙනෙක් මෙසේ තමා ගැන පමණක් සිතන්නේ නම් එම පුද්ගලයා ලෝකය දකින්නේ නැත. තමන් ගැනම අදිමානෙන් ඉද කටයුතු කරයි.          විය යුත්තේ එසේ නොවේ. ඕනම පුද්ගලයෙක් තම ජීවිතය තුළ මුලින්ම සිතන්නේ තමා ගැන බව ඇත්තකි. නමුත් අප ජීවිතය තුළ අනෙකා ගැනත් සිතිය යුතුය . අනෙකා පරයා යාමට උත්සාහ කරන මොහොතේ අනෙකාට උදව් කරමින් ඉදිරියට යාමට පියවර ගැනීම හරිම ලස්සනයි . කෙනෙකුගේ දියුණුවට ආත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමීත්වය බලපායි. එවන් පුද්ගලයින් තුළ කිසිම විටක තමා ගැන කලකිරීමක් හට නොගනී.       පරාර්ථකාමී වන පුද්ගලයා තමාට නොදැනීම දියුණුව කරා ඉතා ඉක්මනින් ගමන් කරයි. ඔබ ආත්මාර්ථකාමියකු වනවා ද පරාර්ථකාමයකු වනවාද කියා තීරණය කරන්නේ ඔබේම සිතුවිලි ය.   ...

බරයි මගෙ නෙතු පියන්

Image
නිදා සිටිනා නෙතු පියන් තුළ  හුරුවෙලා නුඹ විඩා නිවාලන්නට අද මට වෙහෙසයි නුඹට මෙන් නොව බැරිය තවත් නුබේ විඩා මට නිවන්න එපා එන්නට තවත් නම් නුඹ  බරයි මගෙ නෙතු පියන් අද දරාගනු බැරි තරමට 

නුඹ කාන්තාවක් ද ? ....

Image
  කාන්තාවන් ගැන වැරදි අර්ථකථන දෙන්නේ - " ඇය විසින් ප්‍රතික්ශේප කල පිරිමියෙක්                               හෝ,    ඇයට ඊර්ෂ්‍යා කරන ගැහැණියකි....! ලෝකය තුළ කාන්තාවට තනිව ජීවත්විය හැකිද?              බෑ  කාන්තාවට මේ සමාජයේ තනිව ජීවත්විය නොහැක. ඒ සියල්ලක්ම පවසන්නකි.         ඔබ කාන්තාවක් ද යන්න වැදගත් නැත. නමුත් ඔබ ශක්තිමත් ද  ඔබ දුර්වල ද යන්න වැදගත් වේ. ඔබ ශරීරය නොව සිතින් ශක්තිමත් නම් නම්න් ඔබ ශක්තිමත් ගැහැනියකි.  නුඹ ඉක්මනින් මානසිකව කඩා වැටෙනවානම් නුබ දුර්වල ගැහැනියකි.       ඔබ දුර්වල වීම ඔබ ඔබටම කරගන්නා වූ හානියකි.  ඔබ දුර්වල වනවිට සමාජය ඔබව තව තවත් පෙළයි. හිංසා කරයි. නමුත් නුඹ ශක්තිමත් නම් නුබේ අභියෝග වලට , මුහුණ දීමට වන ගැටලුවලට එඩිතරව මුහුණ දෙනවා නම් සමාජය ඔබට  යමක් කීමට පෙර යමක් කිරීමට පෙර දෙවරක් සිතා බලයි. මන්ද ඔවුන් ඔබට බිය වේ. ඒ නුඹ ශක්තිමත් නිසාය.          පිරිම...

වක්කඩ ලග දිය වැටෙන තාලයට

Image
  වක්කඩ ලග දිය වැටෙන තාලයට.. වක්කඩ ලග දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා... වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලෙන් විදුලිය කෙටුවා... කිව්වට වස් නැත, නිල් නිල් පටින්, කටරොළු මල් වැට කෙරුවා.... තුන් දවසක් අමනාපෙන් සිටි කළු, නෝක්කඩු බැල්මෙන් බැලුවා.... ගල මතුපිට මල පිපෙන්න, මල වට බඹරිදු නටන්න, වැහිවැහැලා ගග පිරෙන්න ගග උතුරා හිත පිරෙන්න.... ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කළු හිනාවෙයන්  වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන් .... ගායනය- පණ්ඩිත් ඩබ්ලිව් .ඩී.අමරදේව  තනුව- පණ්ඩිත් ඩබ්ලිව් . ඩී අමරදේව  පද රචනය- මහගමසේකර                  වක්කඩ යනු කෘෂිකර්මාන්තය, ගැමි සිරිය සමඟ බැදුණු සුන්දර වචනයකි. වක්කඩ ළග දිය ,ජලය වැටෙන තැන තවත් සුන්දර තැනක්. අහස් දියෙන් ගොවිතැන් කරන ගොවීන් එම කුඹුරට අවශ්‍ය ජලය ඇළකින්, දොළකින්, වැවකින් ලබා ගැනීමට උපකාරී වන ස්ථානයයි. වක්කඩ මගින් කුඹුරට ජලය ලබා ගන්නවා මෙන් ම ජලය පිට කර යැවීමට උපකාරී වෙනවා. වක්කඩ ලග දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා...           ...

නුඹ අඳුරු ගුහාවක්...

Image
  ආදරය නුඹ අඳුරු           ගුහාවක් පුංච්ම එළියක් නැති ද   කොහෙවත්  මට මාද අතරමං කළ    සුයාමක් කොහේ  දෝ එළියක්  නැති ද මේ නම් මහ මුලාවක් දල්වන්න අදුරේ             එළියක් අතරමං වුණු මේ           ගුහාවක් එවනවා ද පන්දමක්        සුසුමින් ගිලෙන්න බෑ තවත් මේ අදුරේ   තනියෙන්

ප්‍රේමය කියන්නෙම අත්හැරීමයි....

Image
   ප්‍රේමය ඒ අකුරු තුන කියන්නෙම හරි අමුතු හැගීමක්.       ප්‍රේමයෙන් මුණ ගැහෙන්නන් ප්‍රේමයෙන් වෙන් වී යයි. තවත් විටෙක වෛරයෙන් මුණගැසෙන්නන් ප්‍රේමයෙන් එක්වේ. තවත් විටක ප්‍රේමයෙන් මුණගැසෙන්න ප්‍රේමයෙන් ම එක් වේ. තවත් විටෙක ප්‍රේමයෙන් මුණගැසෙන්න වෛරයෙන් වෙන්වී යයි.       ඉතින් මේ අකුරු තුන කියන්නෙම මහා පුදුමාකාර හැඟීමක්. එක එක්කෙනාට ප්‍රේමය මුණගැසෙන විදිහ , ප්‍රේමය ඔවුන් වටහා ගන්නා අයුරු මෙන් ම ප්‍රේමය ඔවුන් විදින  ආකාරය එකිනෙකාට වෙනස් ය.       ප්‍රේමය තුළ තුල අතහැරීම ප්‍රබල වූ හැඟීමකි. ප්‍රේමය කියන්නෙම අල්ලා ගැනීම ම නොව. ප්‍රේමය  කියන්නේ අතහැරීක් බව තේරුම් ගත යුතු දෙයකි.         සංසාරිකව හමුවන පෙම්වතුන් ප්‍රේමයේ විරහා වෙන් ප්‍රේමයෙන් ම වෙන් වී ගිය තැන් ප්‍රේම පුරාවෘත්ත වල පටන් අසන්නට දකින්නට ලැබෙන්නකි.       සීතා රාම්ට ප්‍රේම  කළා ය.  කාලි ශිවට ප්‍රේම කළා ය. රාධා ක්‍රිෂ්ණාට ප්‍රේම කළා ය. ඒ කිසි තැනක ඔවුනට ඔවුන් හිමි වූයේ නැත.       පාරු දෙව්දාස්ටත් ,  ...

වැස්ස

Image
  පාළුවට ගිය මගෙ සිරුර  කාලයක් ඉහිලුවා ඔබ දුන්නු  ඒ ගින්න තවත් ඉවසනු බෑ ඔන්න  ඇවිත් නිවාලන්න  මා වැහිබිංදු

පෙරදිනයක මා පෙම් කළ යුවතිය

  විචාරය පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන  දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා හිරුට සදුට් නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා නොකා නොබී දුක් වින්ද අතීතය  යළි මට සිහිවෙනවා.... පද රචනය- සුනිල් සරත් පෙරේරා  සංගීතය - පණ්ඩිත් ඩබ් .ඩී අමරදේව  ගායනය- පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව                 `` පෙර දිනයක මා පෙම් කල යුවතිය සොය පුතු නලවනවා ´´ මෙම ගීතයේ ,මෙම පදය ඇසූ සැනින් බොහෝ දෙනාට සිහිපත් වන්නේ,යම් පෙම්වතෙකු,ඔහුගේ හැරගිය කළින් පෙම්වතිය ඇගේ දරුවකු නළවන අයුරුයි.නමුත් මෙහි ගමය වී ඇති සැගවී ගිය රසය මහත් වූවකි .            මේ ගීතය ශ්‍රවණය  කරන කොට ඕනෑම කෙනෙකුගේ හිත අතීතයට ඇදී යනවා.ඇතැම්  ගීත ශ්‍රවණය කරන කොට ශ්‍රවණය කරන්නාගේ හිත වර්තමානයේ නවතිනවා.ඇතැම් ගීත ශ්‍රවණය කරනකොට  ශ්‍රාවකයාගේ සිත අනාගත ලෝකයේ හීන සිහින ...

උන්ට මා දැන් අප්සරාවක්ලු

Image
  නුඹට හමුවුණි  ද   හසුන මා හැර ගිය බව     නුඹව එසේ ලීවේ නොහිතා මා   ගැන කල නිසා නුබට පමණක්   ආලය වැරදිලාවත් එනු    එපා බලන්නට ලලනාවන්ගෙ   හැඩ එහෙම වුණොතින්   හසුවේවි මගෙ මුසා බහ      නුබට මගේ නග්නය නොවේ පමණක්   අද ගල්වෙලා මගෙ තුන්   භිතම කෙසේ ඉන්නද නවතා වැටෙන   කදුළු  අහෝ..... ගල්වෙනු මා ද මේ  ගලට අද අප්සරාවක්ලු මා හරි     හැඩැති  ගලේ කෙටුනේ  නුඹත් නොබැලූ මගේ   රුව අනේ.... නුබට සැලවනු එපා මේ   පවත උන්ට මා දැන්   අප්සරාවක්ලු

විරහවේ රැය

Image
  පන්හිඳත් ගොළු වී හඩයි හැම රෑක ඉකිගසා නුඹ සිහි වී පන්හිඳත් අද රහසේම  තනි වී අදුරට ඇයිද වෙළෙනුයේ   මෙතරම් විරහවක් ප්‍රේමයේ  සගවනු බැරිද දහවලින් අදුරේ හඩන කදුළැල් හිමි නැතත්  තුරුලුවන්නට දෑස් වසා හිත පුරා නුඹ සිඹින්නට හැම රෑකම නුඹට නොදැනිම මගේ කරගන්නවා මම නුඹව..

ප්‍රේමිය

Image
      මම නුබට නිදහසේ ඉගිලෙන්න ඉඩ හරිමි. නුඹ නිදහසේ ඉගිලෙන්න. නමුදු වැඩිදුර පියාසර කිරීමට නොයන්න. මන්ද නුබේ අත්තටු සුළඟට පවා ඔරොත්තු නොදේවි. ඉතින් සෙමෙන් වැඩි දුර නොයා සිත්සේ පියාසර කරන්න. එතකන් මා බලා හිදින්නෙමි. නුබේ ලෝකය ඒ මගේ ලෝකය සලනු ඔය තටු ඈත ගුවනට පියාඹා ඉඟිල යන්නට පුංචි සියතෙක් විලසින ඒත් ප්‍රේමිය,...... වැඩිදුර නොයා   ඉනුමැන මා දෑස මානේ හිදින්   කුමරිය නුඹේ සිනහව මගේ   සවනට ඇසෙන මානෙන් තටු සලා   ඉනු

ගැහැණිය

Image
         ලෝකය මැවූ සුන්දරතම දෙයකි කාන්තාව.  ඇගේ රූපය සිත් ඇදගන්නා සුලුය. ලෝකය සුන්දර කරන්නේ ගැහැනියයි.          ගැහැණිය කියන්නේ එක්තරා විදියක පොතක්. ඒක හැම දෙනාටම කියවිය නොහැකි අමුතු භාෂාවකින් හැඟීම් ගොඩකින් පිරුණු පොතක්.            ගැහැනිය කිනම් හෝ දිනක පිරිමියකු අතට පත්වන පොතකි. එතුළ එම පොත කියවිය නොහැකි පිරිමියෙකු අතට පත්වුවහොත් ගැහැනිය යක්ෂණියක වේ.        ගැහැණියට පාර්වතී දේවිය වීමටත් කාලිය වීමටත් ගතවනුයේ ක්ෂණික තත්ත්පරයකි. ගැහැනිය පාර්වතිය කරනුයේත් විටෙක ඇය කාලි කරනුයේත් පිරිමියාමය.         ලෝකයේ සුන්දරතම නිමවුම් අතරින් අදහාගත නොහැකි නිමැවුම වන ගැහැනිය කිසිදා කියවිය නොහැකි පිරිමියකු අතර පත් නොවිය යුතු පොතක් වන්නේ එහෙයිනි. ඇය පාර්වතියක් වීමට නම්  කාලියක් නොකර ගත යුතුය.        ඇය  ඇගෙ සියල්ල පිරිමියා වෙනුවෙන් කැප කිරීමට ඕනෑම මොහොතක සැදී පැහැදී සිටියි. ඇයට ආදරය ලැබෙන තැන ඇයට ආදරය දැනෙන තැන ඇගේ ආත්මය ම පුදයි. නමුත් එතැනින් ඇයව රිදවනව...

සන්නාලියනේ ගීතය විචාරය

Image
 සන්නාලියනේ සන්නාලියනේ  සන්නාලියනේ සන්නාලියනේ  මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාට ද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ  මාලගිරා තටු සේම රුවින් යුතු  නිල්වන් ඇදුම වියන්නේ  කාටද ඇදුම වියන්නේ  මාලගිරා තටු සේම රුවින් යුතු  නිල්වන් ඇදුම වියන්නේ  ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි මේ පොඩි ඇදුම වියන්නේ  සන්නාලියනේ සන්නාලියනේ  මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇදුම වියන්නේ  කාටද ඇදුම වියන්නේ  සැන්දෑ අහසේ රන්වන් පාටින්  දිලිසෙන ඇදුම වියන්නේ  කාටද ඇදුම වියන්නේ  සැන්දෑ අහසේ රන්වන් පාටින්  දිලිසෙන ඇදුම වියන්නේ  ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇදුම වියන්නේ  සන්නාලියනේ සන්නාලියනේ  සීතල හද එළියේ මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාට ද සලුව වියන්නේ  හීතල සලුව වියන්නේ  කණකොක් තටුවේ සුදුමැලි පාටින්  සීතල සලුව වියන්නේ  කාටද සලුව වියන්නේ  කණකොක් තටුවේ සුදුමැලි පාටින්  සීතල සලුව වියන්නේ  මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ  ගායනය- ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අ...