මගෙ දුවේ....

 මගෙ දුවේ හොරෙන් විත් රහසක්

කියන්නම් ඔබේ කනට කර

අසාගෙන එය ඇයට

කියනවා ද මා පනමෙන් ආදරේ කළ වග නුබෙ මවට


දුවේ නුබයි මගෙ ලෝකය 

එය දුන්නේ නුබෙ මවයි මා හට

ඇය තැවේ අද සොවින්

පවසන්න ඇයට

තව තුටින් කල් ගෙවනු මැන


මා හැර ගියද මේ ලොව

මගේ ලොව දුවේ නුබ වග

ඉතින් මගේ ලොව නුබේ මව ළග

දමා ගිය බව පවසන්න තුටින්

කනට කර විගහට අවදිව


මගෙ දුවේ.....

.

.

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️