හන්තාන සිහිනේ ....
ගීතය විචාරය
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ
ගොතනු මැන ළදුනේ
වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
පද රචනය - ජානක සිරිවර්ධන
ගායනය- පණ්ඩිත් ඩබ් . ඩී අමරදේව , උමාරියා සිංහවංශ
මෙය හන්තාන අඩවිය පාදක කර ගත් ගීතයකි. අපි හන්තානේ කිව්ව ගමම දන්නවා මේ කියන්නෙ පේරාදෙණිය සරසවියේ ප්‍රේම කතාවක් කියලා. නමුත් මේක අපි අහල තියෙන කතාව නම් නෙවෙයි මේක ඇතුලේ කියන්නේ ගැහැණු ළමයා වැලපෙන්නේ ප්‍රේමයක් වෙනුවෙන් තමයි. හැබැයි අපි හිතෙන්න ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි. සරලවම කියනවා නම් ඒක ඇතුලේ තියෙන්නේ සරසවි ශිෂ්‍යයාවක් සරසවි ඇදුරෙකුට පෙම් කරන කතාවක්. අන්න ඒක නිසා තමයි මේ හන්තාන සිහිනේ නෙලාගන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නේ.
සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි. හන්තාන යනු ප්‍රේමයට පාරාදීසයක් බඳු ස්ථානයකි. එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි. සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගෙ සුගන්ධේ ප්‍රේමණීය හැඟීම් අවදි කරවයි. එසේම හන්තානය ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තුබීජ සපයන කදිම ස්ථානයකි. මෙම ගීතය අපූරු ගුරු සිසු පෙම ගැන කියන්නකි. මේ තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ. නෙලාගන්න බැරි හන්තාන පිළිබඳ පෙම් සිහිනය දෙස බලමින් වැලපෙන බව පෙම්වතිය කියයි. ඒම පෙම් සිත ගොතා දෙන මෙන් පෙම්වතා පෙම්වතියට ආයාචනා කරයි. එළිමහන් රගමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුලු වී ඉන්නට පතයි. තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි. ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි. අමාවක අඳුරේ ඔහු තුළ හටගෙන ඇති ශෝකය ප්‍රබලත්වය සංකේතවත් කරයි. එයින් තම හදවත නොවෙන ලෙස ඔහු ඇයට කියයි. කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාන අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටි. ඇය ඔහුගෙන් සෙනෙහස පතා සිටි. එහෙත් ඒ ගුරුවරයාට කළ හැක්කක්ද?
ඇයට නෙලාගත නොහැකි හන්තාන සිහිනයක් ඇත. ඒ මෙම සරසවි ඇදුරුතුමන්ගේ ප්‍රේමය නෙළා ගත නොහැකිව ඈ වැලපෙන බව කියයි. හද රැඳි සිහිනයක් නෙළා ගත නොහැකි වූ කල වැලපෙනු විනා අන් කුමක් කරන්නද? එම සිහිනය ගොතා දෙන ලෙසින් ඔහු ඇගෙන් අයැද සිටී. එම නෙත් අග දරා සිටින එය සංසාර සිහිනයකි. සරසවියට පා නගන සිසුවියන් සිත්හි කොතරම් නම් හන්තාන සිහිනය නැද්ද? ඇතැම් සිහිනයන් සිහිනයක් ලෙසින්ම මිය යද්දී මෙම සිහිනයට ද ඒ ඉරණම ද?
එළිමහන් රගමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි. තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි. ඒ තම බිරිඳගේ වියෝව හේතුව නිසා. "බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ " කියන්නේ අන්න ඒක නිසා තමයි. අමාවක අදුරු ඔහු තුළ හටගෙන ඇති ශෝකය ප්‍රබලත්වය සංකේතවත් කරයි. එහෙයින් තම හදවතට නොවන ලෙස ඔහු ඇයට කියයි. කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානය හන්තාන අරණේ සිටින්නට යයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී.
ඔහුගෙන් ප්‍රේමය පතා සිටියද ඇය උගත්කම තුළින් ශික්ෂාවක් ලැබූ තැනැත්තියකි. තමාගේ ප්‍රේම ආරාධනා පිළිගෙන ඔහු එනතුරු දුරින් සිටිනවා යැයි ඇය ඔහුට කියයි. ඒකෙන් පේනවා ඇය කොයි තරම් අවංක හදවතක් තියන කෙනෙක් ද කියලා. ' වඩින තුරු ' යන්නෙන් ඈ තුළ ඔහු කෙරෙහි පැවතියා වූ ගෞරවය ගම්‍ය වේ. අවසානය ඇගේ ප්‍රේම ආයාචනය ඔහු පිළිගනී. තමා එනතුරු ඈට හන්තාන අරණේ සිටින්න යැයි ඇයට කියයි. හන්තාන ඔවුනගේ ලියලා වැඩෙන ප්‍රේමය සංකේතවත් නොකරන්නේද?
කෙසේ නමුත් ඇගේ හන්තාන සිහිනේ නෙළා ගන්නට සමත් වූවා බැව් පෙනේ. කොහොම වුණත් අවසානය ගුරුවර ඇයට ආදරය කරනවා. ගුරුවරයා දන්නවා මෙහෙම ආදරයක් ළංකර ගන්නවා කියන්නේ විශාල ප්‍රශ්න ගොඩකුත් තුරුළු කරගන්න එකට කියලා. එහෙම කියලා මේ වගේ අවංක ආදරයට පයින් ගහන්න යන්ට බැහැ. " ඉදිනු මැන සොදුරේ " කියලා ගීතය අවසන් කරන්නේ ඒකයි.
ගීතය ඇතුලේ කතන්දරය ඕක තමයි. සරසවිය තුළ ගුරුවරු හා ශිෂ්‍යයා අතර සබඳතා ඉඳ හිට ආරංචි වුණත් ඒවා බොහෝ විට වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ගොඩනඟා ගන්න ඒවා කියලා අපි හොඳටම දන්නවා. ඒ වගේ කතන්දර අපිට හිරිකිතයි. ඒවා ඇතුලෙ තියෙන්නෙ කුණුවෙච්ච කතන්දර. එහෙම එකේ උමාරියා එකතු කරගෙන අමරදේවයන් ගායනා කරන මේ ප්‍රේම කතාව ඉතාමත් සුන්දරයි.
❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete😍♥️
ReplyDelete❤️
ReplyDelete