ගිරිදේවි විචාරය
ගිරිදේවි ටෙලි විචාරය .... හොඳ ටෙලි නිර්මාණයකට අප රටේ නාලිකාවන් තුළ තවමත් ඉඩ ඇති බවට සාක්ෂියකි ස්වාධීන රූපවාහිනිය විකාශය වූ කොටස් අසූ ගණනකින් යුක්ත ගිරි දේවි ගිරිදේවි ටෙලිනාට්‍ය. ටෙලිනාටය ශාන්ති දිසානායක නවකතාවක් ඇසුරෙන් සමන් කුමාර ගමගේ තිර රචනය කරන ලද්දක් ය. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ අතර කැමරා අධ්‍යක්ෂණය ඉන්දික ලක්මාල්ගෙ ය. ශ්‍රීනාත් පෙරේරාගේ නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිත ශලනි තාරකා සමග දසුන් පතිරණ මවන අතර සෙසු නළු නිළි කැල ඇතුළු අනෙකුත් සියලුම සද්ජනයන්ගේ නිර්මාණාත්මක දායකත්වය ප්‍රශංසනීයයි. යක්ෂණියක වූ ගැහැනියකගේ ස්වයංවරය තේමාත්මකව රැගත් අපූරු ටෙලි නාට්‍යයකි. ගිරිදේවි හැදු වැඩුවන්ගේ සිට නොදන්නා නුපුරුදු උන්ගෙන් පවා තැලෙමින්, පොඩිවෙමින්, සීරෙමින්, වැටෙමින් ආයෙමත් නැගිටිමින්හ, හතිලමින්, දුවමින් පපුපතුලේ කකියමින් රිදුම් දෙන වේදනාවෙන් බිදකුදු ඉහලට විත් ඇහි දාර දිගේ පල්ලම් බහින්ට නොදෙනා සමස්ත කුමරි කුලයේ යක්ෂණින්ගේ ධෛර්යයෙන් වෙළුණු ඒ කඳුළු කතාව තුළ ඇය නමින් ආශා ය. මෙතුළ සීතම්මා, සඳුන්, ආශා, සඳුන...