ආදරේ කියන්නේ වයිරස් එකක්..

ආදරේ කියන්නෙ වයිරස් එකක්....


  ප්‍රේමය කියන්නෙම වයිරසයක්.වයිරසය  ඇගට ඇතුල්වෙන වෙලාව සොයාගන්න බෑ වගේම ප්‍රේමය අප වෙත එන මොහොත ද එම වයිරසයට ගොදුරු වන නිමේෂයද අපට සොයාගත නොහැකිය. වයිරසයේ අන්තිම අදියර ප්‍රේමයේ උච්චතම අවදියයි.

   ප්‍රේමය මාරම ලස්සනයි.තව පැත්තකින් ප්‍රේමය මෙලෝ රහක් නෑ.ප්‍රේමය පිවිතුරුයි. තව පැත්තකින් ප්‍රේමය කරුම ගෙවීමක්. ප්‍රේමය කියන්නෙ සුන්දර මතකයන් ගොඩක් . තවත් පැත්තකින් ප්‍රේමය කියන්නෙ ජීවිතේ විදපු අසුන්දරම මතක ගොඩක්.

  ඉතින් ප්‍රේමය සෑම පෙම්වතුන්ටම එක වගේ නෑ.ප්‍රේමයෙන් විදින ජීවිත මෙන්ම ප්‍රේමයෙන් ජීවිතයම විදවන පෙම්වතුන්ද ඇත. මෙයින් විදවන පෙම්වතුන් සෑම තැනමය.

  ප්‍රේමය නියා හිමිවනුයේ ස්වල්ප තාවකාලික සැපතකි. මිහිරකි. සතුටකි. නමුත් ප්‍රේමයෙන් අහිමි කර ගනුයේ යමෙකු ඔහුගේ ජීවිතයමය.

  ඉතින් ජීවිතයේ Target එකක් හමුවෙන්නත් Target නැතිවෙන්නත් ප්‍රේමයම ඉවහල්වේ. යොවුන්වියට පා තබන විට තාරුණ්‍ය ඔවුන්ගේ විරුද්ධ පාර්ශවය ගැන ප්‍රේමක්,ආශාවක් ඇතිවීම ඇය මගේ කර ගත යුතුය . ඔහු මගේ කර ගත යුතුය යන ආශාව හට ගැනීම සාමාන්‍යය. මෙය බොහෝ විට රූපයේ ඇලීම මත හට ගන්නා ප්‍රේමයක්‍ ය. ප්‍රේමයේ පටන් ගැන්මේ හොදම කාලයත් Target වලට යන හොදම කාලයත් තාරුණ්‍යයයි.

  මේ දෙකෙන් ප්‍රේමය පමණක් තෝරාගතහොත් ඔහුට,ඇයට ජීවත් වුවද ජීවිතය ,අනාගතය  අහිමි වේ. ඔබ Target පසුපසම හඹා යන්නේනමි නුබට ප්‍රේමය අතපසුවේ ද? අහිමිවේ ද?  නෑ නුබට ඒ මාර්ගයේ ප්‍රේමය හමුවේ . ඒ තමයි ප්‍රේමය . නුබ සොයා යන ප්‍රේමයට වඩා නුබගේ ජීවිතයේ හමුවන ප්‍රේමය . ඒ තමයි වටිනම ,ගැළපෙනම ප්‍රේමය .Target තෝරාගෙන ප්‍රේමය පසෙක තැබූ නිසයි නුබට Target පාරේම ප්‍රේමය ද හමුවනුයේ. සිතන්න නුබ ප්‍රේමයටම වහල් වූවා කීයා, නුබ ඒ මත්තේම නැහෙනවා . මට ඕනි එයාව,එයා මගේ විතරයි.මට එයා නැතිව බෑ සිතා නුබ ඒකටම තදින් බැදුණොත් නුබේ ජීවිතේ Target නැතිවෙනවා. මෙය ප්‍රේමය නොවේ. මෙසේ ඇලෙන ප්‍රේමය තුළ ඇත්තේ තේරුම් ගැනීමක් නොවේ. ආශාවක් පමණකි. එම නිසාම එම ප්‍රේමය තාවකාලිකය. ප්‍රේමයේ සිරවන්නෙකු බිහි කරනුයේ අවසන පිස්සෙකි. ඊට උදාහරණ මේ සමාජයේ බහුලය. ප්‍රේමයෙන් බිහි විය යුත්තේ පිස්සන් නොව ජීවිත සාර්ථක කරගත් තාරුණ්‍යයි.

 තරුණ කාලේ කරන ආලය හැටපැන්නට පස්සෙ කරන්නද? ඔව් ඇත්ත. නමුත් ප්‍රේම කරන්න නුබ එම ප්‍රේමයට වහල් නොවී.එය පමණක් යැයි ජීවිතය නොසිතා නුබ ඔහුට, නුබ ඇයට ආදරය කරන්න. බැදීම් තාවකාලිකය. රූපය තාවකාලිකය. සිත නිතර වෙනස් වේ. ඉතින් ප්‍රේමය වෙනස් නොවේ තියේද? 

 බොළද ප්‍රේමය තුළ ජීවත් වන්න. එය සුන්දර අත්දැකීමකි. නමුත් කිසිදා ඒ  බොළද ප්‍රේමය තුළ මියදෙන්න තරම් නුබ බොළද නොවන්න. සෑමවිටම යථාර්ථවත්ව ජීවත්වන්න.එවිට ප්‍රේමය පිස්සන් බිහි නොකරනු ඇත.

  ඉතින් තාරුණ්‍ය නුබ ප්‍රේමයේම සෘතුව කර නොගන්න. එය නුබේ Target පසුපස යන කාලසීමව කරගන්න. එවිට ඒ මාර්ගයේම නුබ පිස්සන් නොකරන කිරුළ පළන්දන ප්‍රේමය හමුවේ . එය විදින්න.එවිට කිසිදා  ප්‍රේමයෙන් කිසිවෙකු විදවන්නේ නැත.

  බැදීම් තුළ ජීවත් වන්න.නමුත් බැදීම් නුබ නුබගේ ජීවිතය කර නොගන්න. Target නුබ නුබේ ජීවිතය කරගන්න. ඒ තුළ එවිට ලස්සන ආදර කතා ගොඩනැගේ. ප්‍රේමයට හරි අරුත ප්‍රේමය අතහැර Target  පසුවස යාමෙන් හිමිවේ.

  තාරුණ්‍ය නුබ ප්‍රේමයට මුල් තැන දීමට ප්‍රථම Target වලට මුල් තැන දෙන්න. එවිට ප්‍රේමය නුබේ ජීවිතය හැඩ කරාවි.

  ඉතින් Target වලට යන්න මුලින් ප්‍රේමය අතහරින්න . මන්ද නුබට හමුවන හොදම ප්‍රේමය ඇත්තේ නුබ හඹා යන Target  මාර්ගයේමය. එයයි  ප්‍රේමය .



Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️