ප්‍රේමය කියන්නෙම අත්හැරීමයි....
ප්‍රේමය ඒ අකුරු තුන කියන්නෙම හරි අමුතු හැගීමක්.
ප්‍රේමයෙන් මුණ ගැහෙන්නන් ප්‍රේමයෙන් වෙන් වී යයි. තවත් විටෙක වෛරයෙන් මුණගැසෙන්නන් ප්‍රේමයෙන් එක්වේ. තවත් විටක ප්‍රේමයෙන් මුණගැසෙන්න ප්‍රේමයෙන් ම එක් වේ. තවත් විටෙක ප්‍රේමයෙන් මුණගැසෙන්න වෛරයෙන් වෙන්වී යයි.
ඉතින් මේ අකුරු තුන කියන්නෙම මහා පුදුමාකාර හැඟීමක්. එක එක්කෙනාට ප්‍රේමය මුණගැසෙන විදිහ , ප්‍රේමය ඔවුන් වටහා ගන්නා අයුරු මෙන් ම ප්‍රේමය ඔවුන් විදින ආකාරය එකිනෙකාට වෙනස් ය.
ප්‍රේමය තුළ තුල අතහැරීම ප්‍රබල වූ හැඟීමකි. ප්‍රේමය කියන්නෙම අල්ලා ගැනීම ම නොව. ප්‍රේමය කියන්නේ අතහැරීක් බව තේරුම් ගත යුතු දෙයකි.
සංසාරිකව හමුවන පෙම්වතුන් ප්‍රේමයේ විරහා වෙන් ප්‍රේමයෙන් ම වෙන් වී ගිය තැන් ප්‍රේම පුරාවෘත්ත වල පටන් අසන්නට දකින්නට ලැබෙන්නකි.
සීතා රාම්ට ප්‍රේම කළා ය. කාලි ශිවට ප්‍රේම කළා ය. රාධා ක්‍රිෂ්ණාට ප්‍රේම කළා ය. ඒ කිසි තැනක ඔවුනට ඔවුන් හිමි වූයේ නැත.
පාරු දෙව්දාස්ටත් , රාම් සීතාටත් , මස්තානි බජරාම්ටත් , සරූ ඉන්දදර්ටත් ප්‍රේම කළා.
ඒත් ඒ හැම ප්‍රේම කතාවකම අවසානය අත හැරීම පමණක් වුණි. ඔවුන් එකිනෙකාට වෛර නොකර තව තවත් ප්‍රේම කළේ අතහැරෙන බව අතහැරුණු බව දැන දැන ම ය.
ඉතින් හිමිකර හිමිකරගැනීමම නොවේ ප්‍රේමය. ප්‍රේමය කියන්නෙම අතහැරීමයි.
අත්හැරීම කියන්නෙම ප්‍රේමය යි.

❤
ReplyDelete🌹
Delete✌❤
ReplyDelete🌹
Delete❤️🌟
ReplyDelete🌹
Delete❤️❤️❤️❤️❤️😍
ReplyDelete🌹
Delete♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ReplyDelete🌹
Delete