උන්ට මා දැන් අප්සරාවක්ලු

 


නුඹට හමුවුණි  ද   හසුන

මා හැර ගිය බව     නුඹව

එසේ ලීවේ නොහිතා මා   ගැන

කල නිසා නුබට පමණක්   ආලය


වැරදිලාවත් එනු    එපා

බලන්නට ලලනාවන්ගෙ   හැඩ

එහෙම වුණොතින්   හසුවේවි

මගෙ මුසා බහ      නුබට


මගේ නග්නය නොවේ පමණක්   අද

ගල්වෙලා මගෙ තුන්   භිතම

කෙසේ ඉන්නද නවතා වැටෙන   කදුළු 

අහෝ..... ගල්වෙනු මා ද මේ  ගලට


අද අප්සරාවක්ලු මා හරි     හැඩැති 

ගලේ කෙටුනේ  නුඹත් නොබැලූ මගේ   රුව

අනේ.... නුබට සැලවනු එපා මේ   පවත

උන්ට මා දැන්   අප්සරාවක්ලු







Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️