උන්ට මා දැන් අප්සරාවක්ලු
මා හැර ගිය බව නුඹව
එසේ ලීවේ නොහිතා මා ගැන
කල නිසා නුබට පමණක් ආලය
වැරදිලාවත් එනු එපා
බලන්නට ලලනාවන්ගෙ හැඩ
එහෙම වුණොතින් හසුවේවි
මගෙ මුසා බහ නුබට
මගේ නග්නය නොවේ පමණක් අද
ගල්වෙලා මගෙ තුන් භිතම
කෙසේ ඉන්නද නවතා වැටෙන කදුළු
අහෝ..... ගල්වෙනු මා ද මේ ගලට
අද අප්සරාවක්ලු මා හරි හැඩැති
ගලේ කෙටුනේ නුඹත් නොබැලූ මගේ රුව
අනේ.... නුබට සැලවනු එපා මේ පවත
උන්ට මා දැන් අප්සරාවක්ලු

❤️❤️
ReplyDelete🌹
Delete❤️❤️
ReplyDelete🌹
Deletenice❤
ReplyDelete🌹
Delete