බිහිගල, වඩුව කෙටූ ගල වුන හැටි

 බිහිගල, වඩුව කෙටූ ගල වුන හැටි



             කුරුණෑගල කොළඹ අංක පහේ පාරේ දඹදෙණිය නගරය ආසන්නයේම තියෙන මහා  ගල් පර්වතය හඳුන්වන්නේ වඩුවා කෙටු ගල යන නමින් යන එන ඕනෑම කෙනෙකුට මෙහි පඩිපෙලක් ගලේ මැද එනතුරු කොටලා තියනවා දකින්නට පුළුවන්. මේ කියන වඩුවා කෙටූ පඩිපෙළ තමයි ඒ දකින්නට තියෙන්නෙ. මීට හොඳ කතාවක් ගෙතිලා තියෙනවා. දඹදෙණිය මුලින්ම රාජධානියක් කළේ තුන්වෙනි විජයබා රජතුමා. එතුමා වන්නියේ ඉඳලා දෙමළ ත්‍රස්තවාදීන්ට බියේ දඹදෙණි මහා ගල උඩ මාලිගය හදාගෙන සේනා රැස් කරලා යුද්ධ කරලා ලංකාව එක්සත් කළා. එතුමා බොහොම රටට සේවය කරලා තියෙනවා. ඉතින් විජයබා රජතුමාට ඕනෑ වුණා ගලින් සිංහාසනයක් හදන්ඩ. මේ සිංහාසනය සියලු සුභ සංකේත යොදා සකස් කරන්ඩ හැකි ගල් වඩුවෝ හෙව්වා. දෙන්නෙක් හම්බවුණා. එක් ගල් වඩුවෙක් ' ධීන පරඩු' යන නමින් හැඳින්වුණා. අනෙක් ගල් වඩුවා   ' සුන්ධපරඩු ' . ඉතින් මේ දෙන්නටම කාරිය බාර කළ රජතුමා ඉතා හොඳින් වැඩේ කරපු අයට ගම්වර තෑගිබෝග ලබාදෙන බවට ප්‍රසිද්ධ කළා. තමන් දන්න ශිල්ප යොදමින් දිවා රෑ නොබලා මේ දෙන්නා වැඩේ කළා. හැබැයි සුන්ධ පරඩු දක්ෂයි.  ලස්සනට හොඳ නිමාවකින් වැඩේ කරනවා. මේකට ඉරිසියා කර ධීන පර්ඩුවා  හෙමිහිට බොරු ප්‍රචාරයක් ඇරියා ඔය රජතුමාට සිංහාසනය හදන සුන්ධ පරඬු නරක එකෙක්. ඕක හරියට දිග පළල අරගෙන නෑ. අසුබ ලකුණු කීපයක් තියලා තමයි සිංහාසනයේ කොටන්නේ. රජ්ජුරුවෝ මේකේ ඉද ගත්තොත් වැඩි කාලයක් යන්නෑ රජතුමා මහා විනාශයකට පත් වෙනවා. මේ වගේ බොරු ප්‍රචාර ඇරියා. රාජපුරුෂයෝ රජතුමාට මේ කේලම ගිහින් කිව්වා. රජ්ජුරුවන්ට බොහොම කේන්ති ගිහින් වහාම සුන්ධ පරඩුවා බිහි ගලේ හිර කරන්න කියලා අණ කළා. ඉතින් රාජපුරුෂයෝ රජ්ජුරුවන්ගේ අණ ක්‍රියාත්මක කලා. සුන්ධ පරඩුවා දිවා  රැ මේ උගුලෙන් ගැලවෙන විදියක් කල්පනා කරා. ඉතින් සුන්ද පරඩු ශිල්පියාගේ බිරිඳත් ගෙදරට වෙලා කල්පනා කළා. තමන්ගේ ස්වාමි පුරුෂයාට වුන හදිය පිළිබඳව. ඇයට හරිම දුකයි. නින්දක් නෑ. කෑමක් නෑ. ඇගේ ආදරවන්තයා ගලවා ගන්න හැටියක් කල්පනා කලා. ගෙදර හුරතලයට හදපු බොහොම හොඳ හීලෑ පරවියෙක් හිටිය. මේ පරවියා දින දෙක තුනක් සුන්ද පරඩු ළඟට ගොස් ආපසු ආවා. දිනක් පරවියා අරන් ආවා පණිවිඩයක්. ඒ පණිවිඩය තල් පතක ලියපු එකක්.

 "  අද රෑ සෙනග නැති පැත්තෙන් ඇවිත් නූලත්  පරවියාගෙ හොටේ අමුණලා මා ළගට එවන්න." 

          ගල් වඩුවාගේ බිරිඳත් කීවා ලෙසට රාත්‍රියේ බිහි ගල ළඟට ගිහිල්ලා පරවියාගේ හොටේ නූලක් දවටලා උඩට ඇරියා. එය ලණුවේ කටුවක් හා  මිටියක් ඇරියා. ඉතින් ගල්වඩුවා මහා රාත්‍රියේ පඩිපෙළ කොටන්න පටන් ගත්තා. එක දවසකට පඩි දහයක් විතර කොටනවා. මහ රෑ ටික ටික මෙහෙම කොටලා කොටලා සෑහෙන දුරකට පඩිපෙළ හදලා පරවියා අතේ පණිවිඩයක් යැව්වා බිරිදට. අද රෑ මම පඩිපෙළ දිගේ ඇවිත් බිමට පනිනවා. දුරු රටකට හැංගිලා යන්ඩ එන්ඩ කියලා.ඉතින් එදා රෑ වඩුවා  පැනල යන්ඩ ගියා. වඩුවා කෙටූ ගල කියලා නම පටබැඳුණේ ඊට පස්සේ.


Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️