ඒක.?.. ලෝකයක් වෙනම

 පොතක් 


      ඒක අමුතුම ලෝකයක්.එකම පොතකින් ඔබත් මමත් දකින ලෝක විවිධාකාරයි.

       විටෙක පොත් ඔබේ ජීවිත කතාවම විය හැකියි. එය කියවන ඔබට ඔබවම මැවී පෙනේ. නුබ හිර කරන් ඉන්න සිතුවිලි ලේසියෙන්ම සැහැල්ලු කරගන්න පුළුවන් තැනක් වේනම් ඒ පොතයි.

     තිරයක මවාපාන එතුළ අපි දකින රූප ඇත්තටම රාමුවක්.අපි ඔක්කොම ඒ රාමුවේ හිරවෙනවා. ඒත් පොතක්....විටෙක අපි නොහිතන ලෝක වල පවා සැරිසරවයි.

  නුබ නොවිදි ජීවිත විදින්නත් විදීම් මෙන්ම විදවීම් දකින්නත් එය තමන්ගේ කරගන්නත් තරම් මේ සමත් ය. හරියටපොත කියන්නෙත් ඒක වෙනමම හැගීමක්. ඒ හැගීම එකඑක්කෙනාට වෙනස්.

       ඒක ඇතුළෙ නෑ රාමුවක්.ඔයා දකින ,මම දකින ලෝකය ලෝක දෙකක් වෙනවා එකම පොත ඇතුළෙ.අපි කැමති විදියට අපි කැමති චරිත අපේම අධ්‍යක්ෂණයෙන් රගදක්වනවා අපි  පොත  ඇතුළේ.


ඉතින්....

     පොතක් කියන්නෙම සීමා නැති,රාමු නැති ,විටෙක අපි අපිවම එතුළ රගදක්වගන්න අමුතුම ලෝකයක්🌎 .



Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️