දැනෙන තුරු ප්‍රේම කරයි..


           ප්‍රේමය කියන්නෙ ම අරුමයක්. අත් හැරෙන බව දැන දැනත් කිසිදිනෙක හිමි නොවෙන බව දැන දැනත් සමහර තැන් වල හදවතින් තදින් අල්ලා ගනී.

     ඔව් ප්‍රේමය කියන්නෙම අමුතු දෙයක්. මුළු ලෝකයම ඔබට එපා කියද්දි මුළු ලෝකයාම ඔබව අතාරින්න සූදානම් වෙද්දිත් නුඹ අසීමිතව තව තවත් ප්‍රේම කරයිද?  ඔව් නුඹ ප්‍රේම කරයි. ලෝකයක් ඉදිරියේ කෙතරම් පීඩා බාධක ආවත් නුබ ප්‍රේම කරයි.

     අනෙකාව නුඹට කෙතරම් දැනෙනවද එතරම් ඒ දැනෙන තුරු නුඹ ප්‍රේම කරයි. නුඹ තනි උනත්  ප්‍රේමය අත නොහරී.  නමුදු නුඹට අනෙකා දැනීම නැති වූ මොහොතේ නුබ ප්‍රේමයත් අතහරී.

       එතෙක් ලෝකයා නුබට එරෙහි වුවත් දිනක අතහැරෙන බව දැන සිටියත් නුබ ප්‍රේම කිරීම අත නොහරී. හිමි වුවද අහිමි වුවද නුබ ප්‍රේම කරයි. ඒ නුඹට අනෙකා දැනෙන තුරු ය.


සිතින් බැඳෙනා ප්‍රේමයක

අන්තයක් නැත කිසි දිනේ


ගතින් හිමි නොවුනත්

සිතින් ජීවය තිබේ සැමදිනේ


බොහෝ දෙනෙක් නො හදුනනා

දෙය එයයි ප්‍රේමයේ...




Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️