නෙත් Get link Facebook X Pinterest Email Other Apps - November 30, 2022 ප්‍රේමය නමින් කවි නොලියුණත්මා අතැති පන්හිදෙන්ප්රේමයේ කවි වැල් ගැයේ සැම විටම මා හදවතේ නුඹ නමින්ප්රේමය නොදත් මාඔබෙ ප්‍රේම නෙත් වලින්අරුත් ගන්වලා අදමගෙ දිවි මඩලමඔබ නමින් Get link Facebook X Pinterest Email Other Apps Comments පැහැසර2 December 2022 at 22:20👍ReplyDeleteRepliesReplyරූ සරා3 December 2022 at 06:12😍😍ReplyDeleteRepliesReplyBHASHIRUU4 December 2022 at 06:19❤️ReplyDeleteRepliesReplyසිත් රූ18 December 2022 at 06:16❤ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ඇත්කද රජමහා විහාරය - September 23, 2022 කුරුණෑගල රාජධානියේ මාණික්‍යයක් බදු වූ ඇත්කද රජමහා විහාරය ..... කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය වයඹ පළාතේ අගනගරය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ද වෙයි. අතීතයේ මෙම නගරය හස්ති ශෛලපුර ලෙස හදුන්වා දී ඇත. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැට්ටුවාන ග්‍රාමසේවා වසම තුළ පිහිටි ඇත්කද රජමහා විහාරය ඓතිහාසික ඇතුගල්පුරයේ පිහිටි පෞරාණික පුදබිමකි. කුරුණෑගල මහනුවර මාර්ගයේ ප්‍රධාන හතරමං හන්දියේ සිට මීටර් 300ක පමණ දුරින් ගියතැන ඇත්කද රජමහා විහාරය අපට දැකගත හැකි ය. පුරාණ සත්කෝරළයට අයත්ව පැවති ප්‍රබල කෝරළයක් වන වෑ උඩවිල්ල හත්පත්තුව තුළ ස්ථානගතව පවතී. ඇතුගල මහා පර්වතය මායිම් කරගෙන ඇත්කද රජමහා විහාරය ඉදි කර ඇත. ඇත්කද රජමහා විහාරයත් සමගම සම්බන්ධව ඇති ඇතුගල හෙවත් ඇතාගල ද කුරුණෑගල පුරවරයේ ඉතා ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිණියාගල, ආදාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැදුණු පර්වත සහ කුවේණිය සමග බැදී තිබෙනවා. විජය රජු විසින් නෙරපා හරින කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් යම් ශාපයක් සිදු කළ බවත... Read more
සන්නාලියනේ ගීතය විචාරය - December 04, 2022 සන්නාලියනේ සන්නාලියනේ සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාට ද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි මේ පොඩි ඇදුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇදුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හද එළියේ මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාට ද සලුව වියන්නේ හීතල සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ ගායනය- ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අ... Read more
කෙටිකතාව❤️ - October 26, 2022 ඉතින් මම යන්නම්..... ඇතුගල අද අදුරු වෙලා වගේ. රන්තාලිය වැවත් දුකින්.පොරොන්දු වුණත් දෙන්නම එන්න, අද මම විතරක් බංකුවේ තනියෙන්. උදෙන්ම ඇතුගල්පුරට ආවෙ ඇත්තටම පරණ මතකයන් ඔක්කොම එදා අපි වෙන්වුණ තැනදිම වැවට දාලා යන්න. එදා එයත් එක්ක ආපු දවසෙම මුලින්ම ගියෙ වැවට. ඒ නිදහසේ කතා කරන්න ගොඩක් දේවල් අපි දෙන්නටම එදා තිබුණු නිසා. විසලුයි මායි ඉගෙනගත්තේ එකම කැම්පස් එකේ. ඒත් කැම්පස් අවුට් වුණාට පස්සේ අපි දෙන්නම හම්බුනේ ඒ ගොඩක් කාලෙකින්. ඔව් ඒක එයා කියන විදියට නම් මං එයාට කතා කරපු නිසා. අපි දෙන්නම ආදරේ කරා තමයි, ඒත් එයා මට කරපු ආදරයට වඩා ගොඩක් මම එයාට ආදරේ කලා. ඒක විසල් හොදටම දන්නවා. තාත්තගේ වගේ ආදරයක් ලැබෙන්නේ තවත් පිරිමියෙක්ගෙන් කෙල්ලෙකුට කලාතුරකින්. මම හිතනවා විසල්ගෙන් මට ඒ ආදරේ ලැබුණා. මට ඒ ආදරේ දැනුනා. ඒක එයා හම්බුන පළවෙනි දවසෙම දැනුන දෙයක්. කාලයත් එක්ක එයා මගෙ ජීවිතේම වුණේ මොකක්දෝ ආත්මගත බැදීමක් වගේ. " විසල් මට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න පුලුවන් ද? " ඒ මම මාස හයකට පස්සේ විසල්ට ගත්ත කෝල් එක. " කවුද මේ...? " ... Read more
👍
ReplyDelete😍😍
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete