කුරුණෑගල හැදුණු හැටි

 


                දඹදෙණි රාජධානියත්, කුරුණෑගල් පුර රාජධානියත් අයියයි මල්ලියි වගේ. බොහෝම  සමීපකම් තියෙනවා. කුරුණෑගලට කිට්ටුව ඕනෑම කෙනෙකුට ඉස්සරවෙලාම පෙනෙන්නේ ඇතුගල. ඇතුගල  හරියට ඇත්තෙක් දණ නමාගෙන වකුටු වෙලා ඉන්නවා වගේ පෙනෙන්නේ. ඇතුගල වටේට තව විශාල ගල් පර්වත රාශියක් විසිරිලා තියෙනවා. ආඳාගල, ඉබ්බාගල, කුරුමිණියාගල, එළුගල, කිඹුලාගල, කොළ පැලැල්ල මේ ඒ ගල්වලට දීලා තියෙන නම්. 

             ඉතින්  මේ ගල් වලට් නම් හැදුන හැටිත් හරි අපූරු කතාවක්. බොහොම ඉස්සර  කාලෙක මේ කුරුණෑගල  ප්‍රදේශයට දැඩි නියගයක් අල්ලලා තියෙනවා. ගහකොළ මැරිලා ගියා. සතාසීපාවා මැරිලා ගියා. හේන් කුඹුරු පාළුවට ගියා. බොන්න වතුර ටිකක් නැතිව ගියා. හරිම රස්නෙ. මිනිසුන්ට ඉන්න හිටින්න බෑ. ඉතින් වටේ තිබුණ හැම ඇළ, දොළ, වැව් හිදී ගියා.  හැබැයි ඇන්නොරු වැවේ විතරක් වතුර ටිකක් ඉතුරු වුණා. ඇන්නොරුව කුරුණෑගල නගරය ළඟමයි තියෙන්නෙ. ඉතින් දවසක් මේ මහා නියගය කාලය ඇතකු, ඉබ්බෙකුයි, කුරුමිනියකුයි  එළුවෙකුයි, කිඹුලෙකුයි  වැවෙන් වතුර ටිකක් බොන්න හිතාගෙන ඇන්නොරුව වැව ළගට එන්න පටන් ගත්තා. මේ වැව ලග හිටිය හොඳට මන්ත්‍ර සාස්ත්‍රය දන්න මායාකාරියක්. මේ මායාකාරිය මොකද කළේ ඇන්නොරුව වැවේ වතුර ටික මේ සත්තු බීලා ඉවර කළොත් මිනිස්සුන්ට වතුර ටිකක් නැතුව යනවා කියලා හිතලා විගහට මන්තර ජපකරලා  දෙවියන්ට කන්නලව් කළා. ඉතින් අදත් අපට ඒ ඒ නම්වලින් පෙනෙන්නට තියෙන්නේ අර ගල් කරපු සත්තු. එදා හිටන් මිනිස්සු ඒ ගල් වලට නම් කියලා කතා කරන්න පටන් ගත්තා. නගරය තුළ ම තියෙන මහ පර්වතයට ඇතුගල කියන නම වැටුනේ ඔන්න ඔහොමයි.

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️