මේ මාධ්‍ය සාක්ෂරතාව ජනමාධ්‍ය කලා සමගයි හැදෙන්නේ...
මහාචාර්ය ආරියරත්න ඇතුගල
සාක්ෂරතාව කොහොමද හඳුන්වන්නේ?
ඔව් සාක්ෂරතාව කියන එක ඉතාමත් පුළුල් විෂයක්. මේ විෂය වාග් විදයාවෙන් බිදිලා තමයි සෙසු විෂයන්ට ගලාගෙන යන්නේ. එතකොට සාක්ෂරතාවය කියන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න දැනගන්න හොඳයි අසාක්ෂරතාව කියන්නේ මොකක්ද කියලා. එතකොට එයින් මූලික වශයෙන් කියන්නේ කියවීමට නොහැකි කියන අර්ථය සාමාන්ය්යෙන්. නමුත් ඒ අර්ථය තුළ සැඟවුණු තවත් කාරණා තියෙනවා. අපි කිව්වොත් එහෙම රටේ ඉන්නවා හොඳම කලාකාරයෙක්. ඒ කලාකාරයා ගැන දන්නේ නෑ කියලා කියලා කියනවා නම් ඒක අසාක්ශරතාවය පිලිබඳ ප්‍රශ්නයක්. රටේ නායකයා හරි වෙනත් විශේෂිත පුද්ගලයෙක් ගැන ඇහුව දන්නේ නෑ කියනවා නම් ඒක අසාක්ශරතාවය පිලිබඳ ප්‍රශ්නයක්. එතකොට ලිවීමේ කියවීමේ කාරණයක් නෙවෙයි.
එතකොට සාක්ෂරතාව කියලා කියන්නේ භාෂා අධ්‍යයනයෙන් පස්සෙ එන සංකල්පයක්. එතකොට මේකේ එන්නේ විවිධ කාරණා නිසා. සාක්ෂරතාව පිළිබඳ අධ්‍යයනය වාග් විද්‍යාවෙන් පටන් අරගෙන එක මානව විද්‍යාව, සමාජ විද්‍යා වගේ විවිධ විෂයයන් කරා ගමන් කරනවා. එතකොට මාධ්‍යයට එන්නේ මාධ්‍යයට තියෙන භාෂාව ලිඛිත හෝ කථික භාෂාව පමණක්ම නොවේ. ඒ භාෂා දෙකම ඉක්මවූ ශ්‍රව්‍ය දෘශ්‍ය කාරණා බලපානවා මාධ්‍ය තේරුම් ගන්න. ඒ නිසා එකී තේරුම් ගැනීමට අවශ්‍ය කරන විෂයයක් විදියට තමයි මාධ්‍ය සාක්ෂරතාව ලෝකයේ වර්ධනය වෙන්නේ. මේ පිළිබඳ විවිධ අදයන කෙරිලා අධ්‍යන ප්‍රතිඵල විදිහට. එතකොට දැනගන්න ඕනේ එහෙම නම් ඒ යටතේ සාක්ෂරතාව කියන්නේ මොකක්ද කියලා. මූලික වශයෙන් සාක්ෂරතාවය කියන්නේ සාම්ප්‍රදායිකව කියවීමට හා ලිවීමට තියෙන හැකියාව. ඒක සාම්ප්‍රදායික අදහස. නමුත් ඔය ලියන්න කියන්න කියන එකේ තේරුම ලියන්න කියන්නේ අත්සන ගහන්න. කියන්න කියන්නේ නම කියවන්න. දැන් මේ දෙකම පුළුවන් කියලා පුද්ගලයකු ළග සාකෂරතාව තියෙනවා කියලා කියන්න බැහැ. ඒ නිසා ඒ මුල්කාලීන හැදින්වීම දැන් පිළිගන්නේ නැහැ. මොකද සමාජයක සංස්කෘතියක් තිබෙනවා. සංස්කෘතිය විවිධ භාෂාවන් විවිධ රූපකයන් තියෙනවා. ඒවා තේරුම් ගන්න බැරි නම් නම ලියන්නයි පොඩි දෙයක් කියවන්නයි පුළුවන් වුණා කියලා බැහැ. ඒ නිසා සාක්ෂරතාව කියන එක ඊට වඩා දියුණු සංකල්පයක් විදියටයි මාධ්‍ය සාක්ෂරතාව තුළට එන්නේ. තවදුරටත් සාක්ෂරතාව කියන එක කිව්වොත් කියවන්න, ලියන්න, ගණිතය භාවිත කරන්න, තොරතුරු හසුරවන්න, අදහස් ප්‍රකාශ කරන්න, තීරණ ගන්න, ගැටලු නිරාකරණය කරන්න මේ කියන සියලු කාරණා සාක්ෂරතාවයට ඇතුළත්. එහෙම නම් ඒ ත්සන් කරන්න පුළුවන් එකයි කියවන්න පුළුවන් එකය. මේක ලෝකෙ විවිධ විදිහට තීන්දු කරලා තියෙනවා. අපි කියපු පලවෙනි කාරණේ තමයි නම අස්සන් කරන්න පුළුවන් එකයි කියවන්න පුළුවන් එකයි. ඊට පස්සේ කියනවා වාක්‍යය ලිවීමට හෝ කියවීමට තියෙන හැකියාව සාක්ෂරතාව කියලා ඇතැම් රටවල පිළිගත්තා. අනිත් එක තමයි සමහර අය 4 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න කෙනෙක් ශාක්ෂරතාවය යුක්ත කෙනෙක් කියලා සලකන ඇතැම් අප්‍රිකානු රටවල් තිබුණා. ඊට අමතරව කිසියම් කෙනෙකුට තමන්ගේ ප්‍රජාව තුළ ඵලදායි ලෙස වැඩවල යෙදෙන්න පුළුවන් නම් හොඳ සන්නිවේදනයක යෙදෙමින් ඒක සාක්ෂරතාව කියලා කියල හැඳින්වුවා. ඉතින් මේ විදිහට තමයි සාක්ෂරතාව පිළිබඳ අදහස් ගොඩ නැගුනේ.
එතකොට මේ මාධ්‍ය සාක්ෂරතාව කියන එක හැදෙන්නේ කොහොමද? මේ කොයි ආකාරයෙන්ද ජීවත්වන මිනිසාට බලපාන්නේ?
මම මෙතෙක් කතා කරේ සාක්ෂරතාවය ගැන. එතකොට මේ මාධ්‍ය සාක්ෂරතාව හැදෙන්නේ ජනමාධ්‍ය කලාවන් එක්කලා. ඒ අතරේ ප්රමුඛස්ථානයක් ගත්තේ චිත්‍රපටය. චිත්‍රපටිය කියවීම සඳහා ක්‍රම විදියක් හොයනකොට ඒ සඳහා භාවිත කරපු එක් විෂය ක්ෂේත්රයක් තමයි මේ සාක්ෂරතාවය. ඉන් අනතුරුව රූපවාහිනිය කියවන්න, සංගීත කියවන්න, වීඩියෝ ක්‍රීඩාව කියවන්න, අන්තර්ජාලය කියවන්න මාධ්‍ය සාක්ෂරතා ගැන විෂය පෝෂණය කර ගන්නවා. එහෙම තමයි මූලිකව මේ මාධ්‍ය සාක්ෂරතාව කියන එක හැදෙන්න පටන් ගන්නෙ . මොකද හේතුව මාධ්‍ය වර්ධනය වීමත් සමග එහි බලපෑම සමාජයට වැඩියි. එතකොට ඒ බලපෑම් පිළිබඳ අපි ව්‍යවහාර කරන භාෂාවෙන් තේරුම් ගන්න බැහැ. ගීතයක අරුත භාෂාවෙන් තේරුම් ගන්න බැහැ. ඒ ඉක්මවා ගිය දේවල් තියෙනවා. රූපය තේරුම් ගන්න, වර්ණය තේරුම් ගන්රි, ද්මය තේරුම් ගන්න මේ ගොඩක් දේවල් සඳහා මේ සාක්ෂරතාව කියන විෂය වැඩෙන්න පටන් ගත්තා මේ මාධ්‍ය කියන වයුහයන් මාධ්‍ය කියන අන්තර්ගතයත් ආවරණය කරමින් ඒ වටා. ඒ වගේම තමයි සංස්කෘතියක තියෙන දේවලුත් මේ මාධ්‍ය වල පෙන්නනවා. සංස්කෘතියේ කොටස් සංස්කෘතියේ කාරණා මෙන්න මේවා තේරුම් ගැනීමේ අවශ්‍යතාවයකුත් ඇතිවෙනවා. මොකද සංස්කෘතිය පිළිබඳ අතිශය ජනප්‍රිය දේවල් මාධ්‍ය මගින් පෙන්වනවා ඒවා තරුණයින්ට, ළමයින්ට, වැඩිහිටියන්ට, කාන්තාවන්ට විවිධ ආකාරයෙන් බලපානවා. ඒ නිසා එක්තරා අවස්ථාවක තීන්දු කරනවා මාධ්‍ය සාක්ෂරතාව කියන එක අපි ඉදිරියට ගත යුත්තේ ඇයි කියන සාකච්ඡාව. ඒකෙදි කියන්නේ අපිට මාධ්‍ය නවත්තන්න බැහැ මාධ්‍ය වල මේ වෙළඳ බලවේග හා ජනප්‍රිය වැඩසටහන් නවත්තන්න බැහැ. මොකද නිදහස් මාධ්‍ය ලෝකයක් තියෙන්නෙ ඒ නිසා වඩා වැදගත් වන්නේ මේ වින්දනය කරන අයගේ අවබෝධය වර්ධනය කිරීමයි. එසේ අවබෝධය වර්ධනය කිරීමෙන් හොඳ දේවල් තෝරාගෙන නරක දේවල් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පුරවැසියාට ලබාදිය යුතුයි කියන අර්ථයෙන් තමයි මාධ්‍ය සාක්ෂරතාව යුරෝපයේ රටවල බටහිර රටවල පාසල් මට්ටමෙන් උගන්වන්න පටන් ගන්නේ. මාධ්‍ය තේරුම් ගන්නේ දැන්වීමක් කොහොමද තේරුම් ගන්න, දැන්වීමක් කියන්නේ එක්තරා මනෝවිද්‍යාත්මක පෙළඹවීමක්. එතකොට මේක තේරුම් ගන්න පාරිභෝගිකයාට අවශ්‍යයි. බොරු කියනවා හරියට මාධ්‍යවලින්. බොරු කියනවා දැන්වීම් වල. මෙන්න මේ අනුව තමයි මේ මාධ්‍ය සාක්ෂරතාව කියන එක හැදෙන්නේ. විසිඑක්වන සියවස වගේ වෙනකොට දැන් මේ දේවල් වැඩි වෙලා පැරණි අර්ථය ශාක්ෂරතාව කියන සංකල්පය අයින් වෙලා එනවා එක්තරා තැනකට. ඒ තමයි මාධ්‍ය සාක්ෂරතාව කියලා කියන්න එක්තරා ආකාරයක සමාජ පරිවර්තනයක්. අපි පළමුවෙන්ම කිව ලිවීමේ කියවීමේ හැකියාව කියලා. ඊට පස්සේ බිහිවෙනවා නෑ ඊට වඩා සමාජයේ යම්කිසි ක්‍රියාකාරී වැඩක් කරනකොට සන්නිවේදනය කරන්න පුළුවන්කම කියලා එක් අවස්ථාවක කියනවා. දැන් මේ තුන්වෙනි අවස්ථාවේදී කියන්නේ නෑ සාක්ෂරතාව කියලා කියන්නේ සමාජ පරිවර්තනයක් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ කිසියම් සාක්ෂරතාවයකින් යුතු කණ්ඩායමක් හැදුනහම ඔවුන්ට පුළුවන් සමාජය යම්කිසි වෙනසක් කරන්න. යම්කිසි අදහස් නිර්මාණය කරන්න. විචාරශීලීත්වය හදන්න. ඒ නිසා අද වෙනකොට මේ මාධ්‍ය සාක්ෂරතාව කියලා කියන්නේ පුද්ගලයෙක් ලඟ තියෙන දෙයක් නෙවෙයි. සමූහයක් ළඟ තිබෙන දෙයක්. දැන් මං ලග ශක්‍යතාව තියෙනවා කියලා වැඩක් නෑ උබ ළග සාක්ෂරතාවය නැත්නම්. එතකොට ඔබ ළග තිබුණා කියලා වැඩක් නැහැ මං ළග නැත්නම්. අපි දෙන්නා ලගම තිබුනොත් වඩා හොදින් මාධ්‍ය පිළිබඳ යම්කිසි ආකාරයක පරිවර්තනයේ අදහසක් ගොඩනගන්න පුළුවන්මේ. ආකාරයෙන් තමයි මේ මාධ්‍ය සාක්ෂරතාව ගැන විෂය සමාජගත වෙන්නේ.
මේ මාධ්‍ය සාක්ෂරතා පිළිබඳ කිසි අවබෝධයක් නැති පිරිසක් ද සිටි ඔවුනගේ ස්වභාවය කොයි ආකාරයක් ගනී ද?
ඔව්. මාධ්‍ය ළඟ ඉන්න හුගාක් වෙලාවට සාමාන්‍ය ජනතාව. ඒගොල්ලන්ගෙ සාක්ෂරතා ගුණය පොදුවේ අඩු වෙන්නත් පුලුවන් සමහර රට වල වැඩි වෙන්නත් පුළුවන්. අපේ වගේ රටක හුඟාක් අඩුයි. කොහොම වුණත් මාධ්‍ය සාක්ෂරතාවයක දී පුද්ගලයකු ළඟ තිබිය යුතු ගුණ තමයි මේ මාධ්‍ය තේරුම් ගැනීමට අවශ්‍ය එක්තරා ආකාරයක කාරණා කීපයක්.
එකක් තමයි තමන් මාධ්‍ය ප්‍රවේශය තෝරාගන්නේ කොහොමද කියලා තෝරාගන්නේ කොහොමද කියලා හිතන එක. මාධ්‍යයට කොහොමද මම ප්‍රවේශ වෙන්නේ. මම මොන මාධ්‍ය ද තෝරාගන්නේ. අන්තර්ජාලයට ගියත් මොනවද මම තෝරගන්න. මම කොහොමද ප්‍රවේශ වන්නේ කියන අවබෝධය තියෙන්න ඕනේ. එතකොට ඒ අවබෝධය නැත්නම් අපි ඕන්නැති ඒවාට ප්‍රවේශ වෙනවා. අන්තර්ජාලය තුල අධ්‍යාපන කාරණාවන් සීයට පනහක් තියෙන විට අනවශ්‍ය සමහර කාම උද්දීපන වාගේ වැඩසටහන් වගේ දේවල් සීයට පනහක් විතර තියෙනවා. එතකොට අපි ප්‍රවේශ වෙන්නේ කොහොමද කියන ප්රශ්නය තියෙනවා. මම ප්‍රවේශන අධ්‍යාපනික අඩවියකට ද මම ප්‍රවේශන කාම උද්දීපන වැඩසටහන් තියෙන අඩවියකට ඒ වගේ දේවල් තෝරා තෝරාගැනීම අනුව තමයි මම නිවැරදි වන්නේ.
දෙවෙනි කාරණය තමයි දැන් මොන දේකට ගියත් විශ්ලේෂණයක් ඒ ගැන කරගන්න බැරිනම් බැරිනම් වැඩක් නෑ. දැන් ඔබ කියන සාක්ෂරතාව නැති අය ඉන්නවා. දැන් අපි පළවෙනි කාරණය ගත්තේ ප්‍රවේශය. දෙවෙනි කාරණය ගත්තේ විශ්ලේෂණ. මේ මෝඩ ටෙලිනාට්‍ය ලංකාවේ විශාල පිරිසක් බලනවානේ ඒ බලන්න ඇයි ඒගොල්ලන්ට බෑ ඒක විශ්ලේෂණය කර ගන්න. දැන් හවසට යන ටෙලි නාට්‍යය මේවට වැඩිම උනන්දුවක් වෙන්නේ ඇයි කියලා අපි බලන්න ඕනේ. ඒ මොකද හේතුව ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය අඩුයි. මේ මෝඩ කතා වලට ජනතාව ඇබ්බැහි වෙන්නෙ විශ්ලේෂණය කිරීමේ හැකියාව නැති නිසයි. එහෙම ජනතාවත් තමයි අපිට ඉන්නේ. මොකද ඔවුන් ප්‍රවේශවන්න දන්නෙ නෑ. ඔවුන් දුරකථන තිබ්බට පරිහරණය කරන්න දන්නේ නෑ. ඔවුන් ටෙලිවිෂනය තිබුණට ප්‍රවේශ වෙන්න දන්නේ නෑ. ඔවුන් පරිගණකය තිබුණට ප්‍රවේශ වෙන්න දන්නේ නෑ. එහෙම වුණත් මේක විශ්ලේෂණය කරගන්න පුළුවන්. අපි කියමු අර කාම උද්දීපන වැඩසටහන් දිගට දිගට යනවා. ඕකට තදින් ඇරෙනවාද ඒක විශ්ලේෂණය කර ගන්නවාද? විශ්ලේෂණය කර ගන්න පුළුවන් එකා අයියෝ මේවා මොනවද? මේවා මේ බොරුනෙ, මේවා මේ හදපුවනේ ,අනේ මෙහෙම ජීවත් වෙන්න බෑනේ මේ විදිහට විවාහ වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? මෙහෙම කියලා එනවා ප්‍රශ්න ටිකක්. ඒ විශ්ලේෂණය කර ගන්න පුලුවන් කෙනා. ඒවා නැති කෙනා ඒවා බල බල විශාල මනෝ ලෝකයකට යනවා. ඒක අද්යාත්මික පරිහානියක්. එහෙම නම් අන්න එහෙම නැති කෙනෙක් මාධ්‍ය සාක්ෂරතාවයෙ යුතු කෙනෙක් නොවේ.
ඊළඟට තියෙන කාරණය තමයි විශ්ලේෂණය කරගෙන මේක අගය කරගන්න පුළුවන්ද? අගය කරනවා කියන්නේ මේකේ තියෙන්නේ හොඳ දෙයක්, මේක මං ගන්නවා. මේකේ තියෙන්නේ නරක දෙයක් මේක මට වැඩක් නෑ. මං මින් පස්සේ මෙහෙම දේවල් බලන්නේ නෑ. මගේ අධ්‍යාපනය සංවර්ධනය කරගන්න මම මෙන්න මේ දේවල් තමයි බලන්න ඕනේ. මං මෙතෙක් කල් බලලා තියෙන්නේ මෙන්න මේවා. මේවා බැලීමෙන් මෙන්නෙ මට හානියක්. මං දැන් ඒවා අතාරිනවා. මෙන්න මේක තමයි අගයකිරිම කියලා කියන්නේ. එහෙමනම් ප්රවේශවීමට, විශ්ලේෂණය කිරීමට, අගය කිරීමට හැකියාවක් නැති කෙනා ඔබ ඔය කියන ආකාරය කෙනෙක්.
මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් තරුණ පරම්පරාවට සමාජයට දෙන්න තියෙන උපදේශය?
ඇත්ත වශයෙන්ම මෙහෙමයි අපි බොහෝම අසරණ අනාථවෙච්ච මාධ්‍ය පරිසරයක නැත්නම් නොදියුණු මාධ්‍ය පරිසරයක ජීවත් වෙන්නේ. ඒ වගේම නොදියුණු මාධ්‍ය සාක්ෂරතාව තියෙන ජනගහනයක් තමයි වැඩියෙන් ඉන්නේ. ඉතින් කියන්න තියෙන හැකි පමණ මාධ්‍යයෙන් දුරස් වෙලා අධ්‍යාපනික අරමුණුවලින් කියවීම හෝ නැරඹීම කරන්න කියන එක. ඒ සඳහා පරිගණකය උපයෝගී කරගන්න පුලුවන්. තරුණ පරම්පරාවට විශේෂයෙන්ම. අනිත් එක විශේෂයෙන්ම කාමෝද්දීපන වැඩසටහන් වලට වහල් වීම ඇබ්බැහි වීම නතර කරගන්න ඕනි. එක හරියට කූඩුවලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා වගේ තමයි. ඊටත් වඩා එකේ ආදීනව තියෙනවා. ඒ නිසා සාක්ෂරතාව වර්ධනය කරගෙන ඒවා ගැන යථාර්තවාදීව හිතන්න සොයා බලන්න පුරුදු වෙන්න ඕනේ. මාධ්‍ය මොකක්ද කරන්නේ මේ දේශපාලඥයින් මාධ්‍ය තුළ කරන බොරුව මේ තරුණ පිරිස තේරුම් ගන්න ඕනේ. විශාල වශයෙන් මේ රට අද නූගත් රටක්, දිළිදු රටක් බවට ඔවුන් පත්කරලා තියෙනවා. මේවා වෙනස් කරන්නෙ නැතිව මේ වගේම තියාගෙන ඉන්නවා කියන්නේ ලෝකෙ අපි අසාර්ථක රටක් බවට ජාතියක් බවට පත්වෙනවා. දැනටත් එහෙමයි. ලෝකයේ දියුණු රටවල මානව අයිතිය මාධ්‍ය වල තියෙන සදාචාරය අතිශයින්ම හරිම ලස්සනයි. ඉතින් අපිට ඒ වගේ අබමල් රේණුවක වටිනාකමක් වත් ගුණාත්මක බවකවත් ලංකාවේ නෑ.
මේ නිසා හිතන්න පෙලඹෙන්න ම ඕනේ. නාට්‍ය කරන්න, නළුවෝ වෙන්න, නිවේදකයෝ වෙන්න බොරු ප්‍රාර්ථනා හදාගන්නේ නැතිව ඊට වඩා බුද්ධිමත්ව හිතලා බලලා රැකියාවක් තෝරා ගන්න දක්ෂතාවක් දියුණු කරගන්න තැනකට තමන්ගේ මනස හදාගන්න කියලා තමා මට කියන්න තියෙන්නේ.

❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete😇
ReplyDelete