සිනහව....

 කියා ගනු බැරි                 වදන්

දරා ගනු බැරි                   හිතින්
අඩා වැළපෙන්නට ඉඩ  නැතත්
සිනහසෙන්නට හැකිය  සැමටත්

මුව වසා යන               සිනහවේ
තිබේ බොහො දේ        මුලා වී
කදුළක් හෙළනු බැරි    තැනේ
සිනහව වසාගයි           මුවේ

විදින විදවන ජීවන                නැවේ
සැඩ රළට හසුවේ නොසිතූ   ලෙසේ
දරාගනු බැරි තැන                    මෙසේ
වසාගයි සිනහව සිත්අහිමියෙකු   සේ

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️