වරදකරු ස්වාමීනී....



Abhisheka Wimalaweera


ආදරේ හිතෙනවද අහනවා

ඔව් මටත් ආදරේ හිතෙනවා

හාදු මට දැනෙනවද අහනවා

ඔව් මමත් උණුහුමක් හොයනවා

කිරි වරම් නෑ නේද අහනවා

කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා 

මුගුරක් අරන් ඇනපන් තදින්

 භුමියට තාම පණ තියෙනවා


හත් මාල නළල් පට නෑ

සුදු නෙලුම් රෝස පෙති නෑ

නෙත් අඳුන් යටින්

ගලනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ

මුගුරක් අරන් ඇනපන් තදින්

භුමියට තාම පණ තියෙනවා


ගිනි කඳුළෙන් දෙමට මලෙන්   

නයි කඳුළෙන් නුග කොළයෙන්

ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්

දිරිය අරන් පිපියන්..

මුගුරක් අරන් ඇනපන් තදින්

භුමියට තාම පණ තියෙනවා.


      සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රිය අද ගැහැනියක් ලෙස ජීවත් වන නමුත් ඇය ඉපදෙන විට පිරිමියෙකු ලෙස සැලකේ.  සංක්‍රාන්ති ලිංගිකයෙකු අද පිරිමියෙකු ලෙස ජීවත් වන නමුත් ඔහු ඉපදෙන විට කාන්තාවක් ලෙස සැලකේ.  සමහර සංක්‍රාන්ති ලිංගිකයන් හඳුනා ගන්නේ පිරිමි හෝ ගැහැණු හෝ පිරිමි හෝ ගැහැණු ලෙස හෝ නොවේ. අභිශේකාගේ මේ ගීතය හරහා පෙන්වනුයේ එවන් කාන්තවකගේ ප්‍රේමයේ ගැඹුරය. 

     සමාජයේ කතාබහට ලක්නොවන භූමි  වැනි කතුන් ඕනිතරම් ඇත.  ඔවුන්ට ද හිතක් ඇත. ආදරේ ඔවුන්ටද දැනේ. අන් කාටත් වඩා ඔවුන් ආදරේ සොයයි. ඔවුන්ට ජීවිතයේ අඩුවෙන්ම ලැබෙන්නේ ආදරයයි. ඒ මේ සමාජ ක්‍රමයේ වරදයි. සමාජයේ සිතුම් පැතුම් වල ඇති හිස් බවය නිසාය ඒ. ඔවුන්ද ආදරය අවැසි අන් මිනිසුන් මෙන් ජීවිතය. සමාජයේ මෙවැනි භූමින් සියල්ලම මෙම ගීතය හරහා ස්පර්ශ කරනවා.

  ඔවුන්ට ද ආදරය දැනෙනවා. ඔව් ...ඔවුන් තවකෙකුගෙ පපුතුරේ උණුහුම හොයනවා. කිරි නැති වුවද කිරි මෙන් ඝනකම් උණුහුමක් ඒ පපු තුළ තියෙනවා. ප්‍රේමය තුළ අන් සියල්ලට වඩා මොවුන් ගැඹුරෙන් ආදරය කරනවා. 

    උපතින් පතිනි විලාසයෙන් නොඉපදුනද  පතිනියකට ඔවුන්ව සමාන කළාට පවි නැත.

        ස්ත්‍රියකට හිමි හත්මාල නළල් පට හිමි නෑ. සුදු නෙළුම් රෝස පෙති හිමි නෑ. ඇය ආදරයකට උපමා  කළ නොහැකි ප්‍රේමයක් ඔහුට දුන්නද ඇයගේ කදුළු දකින්න තරම් කෙනෙකුට මේ ගීතය තුළ භූමිට හමු නොවේ.

ගීතයේ සෑම කාණ්ඩයකම,

 " මුගුරක් අරන් ඇනපන් තදින් 

භූමියට තවම පණ තියෙනවා "

       මෙවන් කතුන් ශක්තිමත්‍ ය. ආදරය, ප්‍රේමය ඉදිරියේ ඔවුන්ගේ ශක්තිය කියාගත නොහැකි තරම් ශක්තිමත්‍ ය.

    ඇය ඔහුට කරනුයේ ආදරයක් නොව.  ඇය ඔහුගේ ආත්මයම තමාගේ ආත්මය බවට පත් කරගෙන  සිටී. තමාට ආදරය කළ පිරිමියා වෙනුවෙන් ඇගේ ආදරය ඇය උසාවි කූඩූව තුළ..... " වරදකරු ස්වාමීනී "  .අවසන ඇය නිහඩය..ඔහුද නිහඩය.  ඔවුන්ගේ ආත්මයන් පමණක් කතා කරයි. අවසන කියනුයේ එයය, ...මිනිසුන්ගේ ප්‍රේමය රහස් ගුහාවකි.

   

" මිනිස්සු ආදරේ  කරන බව පෙන්වනවා. ඒත් මුලු ජීවිත කාලෙම ප්‍රේම කරන්නෙ එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්. ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා..."


Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️