ජීවිතය ...

 අන්තයක් නැති මේ             චක්‍රයේ

දොම්නස් සොම්නස් මැද      අපේ
සොයමින් සැපක් සැම         දිනේ
ගලා යයි ජීවිත                      ඔහේ

හැලෙනා කොළ ලියලනා      ගහේ
වසිනා වැසි නියග                  වෙතේ
ගලනා ජීවිත බාධක              පෙලේ
සතුට මෙන් දුකත්                  උරුමවේ

අහසට සද වට තරු                 දිලේ
පිරී යන අහසේද තරු නැති     වෙතේ
අහඹුවෙන් එනයන තරු වැල් මෙසේ
කියා දී යයි පාඩම් බොහෝ     ජීවිතේ

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️