කෙටිකතාව❤️
ඉතින් මම යන්නම්.....
ඇතුගල අද අදුරු වෙලා වගේ. රන්තාලිය වැවත් දුකින්.පොරොන්දු වුණත් දෙන්නම එන්න, අද මම විතරක් බංකුවේ තනියෙන්. උදෙන්ම ඇතුගල්පුරට ආවෙ ඇත්තටම පරණ මතකයන් ඔක්කොම එදා අපි වෙන්වුණ තැනදිම වැවට දාලා යන්න. එදා එයත් එක්ක ආපු දවසෙම මුලින්ම ගියෙ වැවට. ඒ නිදහසේ කතා කරන්න ගොඩක් දේවල් අපි දෙන්නටම එදා තිබුණු නිසා.
විසලුයි මායි ඉගෙනගත්තේ එකම කැම්පස් එකේ. ඒත් කැම්පස් අවුට් වුණාට පස්සේ අපි දෙන්නම හම්බුනේ ඒ ගොඩක් කාලෙකින්. ඔව් ඒක එයා කියන විදියට නම් මං එයාට කතා කරපු නිසා. අපි දෙන්නම ආදරේ කරා තමයි, ඒත් එයා මට කරපු ආදරයට වඩා ගොඩක් මම එයාට ආදරේ කලා. ඒක විසල් හොදටම දන්නවා. තාත්තගේ වගේ ආදරයක් ලැබෙන්නේ තවත් පිරිමියෙක්ගෙන් කෙල්ලෙකුට කලාතුරකින්. මම හිතනවා විසල්ගෙන් මට ඒ ආදරේ ලැබුණා. මට ඒ ආදරේ දැනුනා. ඒක එයා හම්බුන පළවෙනි දවසෙම දැනුන දෙයක්. කාලයත් එක්ක එයා මගෙ ජීවිතේම වුණේ මොකක්දෝ ආත්මගත බැදීමක් වගේ.
" විසල් මට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න පුලුවන් ද? "
ඒ මම මාස හයකට පස්සේ විසල්ට ගත්ත කෝල් එක.
" කවුද මේ...? "
විසල්ගෙ පිළිතුරයි. ඒ වෙද්දිත් එයාට මාව අමතක වෙලා. මට හිතුණෙ ඇයි මං මේ කෝල් එක ගත්තෙ.නෑ එයා මේ බොරුවක් කරන්නෙ මම කතා කරනවා.
" මම සාරා "
" ආ...කියන්න"
එදා මාස හයකට කලින් විසල් මාත් එක්ක කතා කරපු විදියයි අද මාත් එක්ක කතා කරන විදියයි ගොඩක් දුරස් වගේ දැනුණත් මම දිගටම කතා කරා.
" ඇයි ඔයා ඒ විදියට මාව දාලා ගියේ..? අදටත් මට ඒක විශ්වාස කරන්න බෑ "
විසල්ගේ පිළිතුර වුණේ,
" සාරා ඔයාට ඇයි එකපාරටම අද මාව මතක් වුණේ? "
විසල් අහනවා ඇයි අද එකපාරටම කියලා, ඇත්තටම මට විසල්ව ඒ වෙනකම් අමතක වුණු එක මොහොතක් තිබ්බෙ නෑ. මාස හයක් හැමදාම කදුළු එක්කයි මං නිදා ගත්තෙ. මට කෑගහලා කියන්න හිතුණා විසල්ට. ඒත් වැඩක් නෑ. එදා හිටපු විසල් නෙවෙයි අද මේ ඉන්නේ.
" සාරා දන්නවද මම ආදරේ කරපු කෙනා රණ්ඩු වෙලා මාත් එක්ක මාව දාලා යන්න හදන්නෙ"
" දෙයියනේ මේ ඒ විසල්මද ?. එයා ආදරේ කරන්නෙ මට නෙවෙයිද? මම මහ මෝඩියක්. නෑ එදා වගේ ම විසල් කියපු දේ මම එදත් විශ්වාස කරන්න අකමැති වුණා. ඒ මට එයා මගෙන් ඈත් වෙලා කියලා හිතන්න තරම් හයියක් ඒ වෙද්දිත් මට තිබ්බෙ නෑ. එයා දුප්පත් නිසා එයා හිතුවෙ මගේ අම්මා තාත්තා කවදාවත් කැමති වෙන්නෙ නෑ. මට එයාලා කියන කෙනා කවදාහරි බදින්න වෙයි කියලා. එහෙම වුණොත් මම විසල්ව දාලා යයි කියලයි විසල් හැමදාම මා එක්ක රණ්ඩු කරේ. අවසානයේ එයා මා එක්ක කතා කරන එක නතර කළා.
" සාරා අපි මේ ප්රශ්නෙ හම්බෙලා කතා කරමු "
එදයින් පස්සේ විසල් ගොඩක් වෙනස් වුණා . ටිකෙන් ටික කතා කරන එක නතර වුණා .
" සාරා මට මැසේජ් කරන්න එපා... ඔයා නිසා මං පණ වගේ ආදරේ කරපු කෙනා මාව දාලා ගියා."
දෙයියනේ හම්බෙලා කතා කරන්න හිටපු විසල් මොනවද මේ කියවන්නේ..
" විසල් මොනාද.? ඔයාගේ ආදරේ මම නෙවෙයිද? නෑ මේ බොරු මාව රිද්දන්න මෙහෙම කියන්නේ. විසල් මොනාද මේ කියන්නේ,මම නිසා ඔයාගේ ආදරේ නැති වුණා...,"
එදා පණපිටින් හිටපු මාව පණපිටින්ම මරලා දැම්මා විසල්. මට බැරි වුණා විශ්වාස කරන්න එදා එයා අන්තිමට මට කියපු දේ. එදා ඉදලා හැමදාම එයා වෙනුවෙන් හැම මොහොතක් ම එයාගෙ මතකයන් එක්ක මැරි මැරී ජීවත් වුණා. ඉදලා ඉදලා බැරිම තැන තමයි එදා විසල්ට කෝල් එකක් ගත්තෙ. ඒ වෙද්දි එයාගේ පෝන් එකේ මගේ නම්බර් එකට නම් ඉඩක් තිබුණෙ නෑ කියලා මම දැනගත්තා. මාස හයකට කලින් කියපු දේ විශ්වාස නොකරපු මම එදා විශ්වාස කරා. මම විසල් ගැන නෙවෙයි මට මං ගැනම තරහක් ඇති වුණා.
" ඇයි මං මේ තරම් විසල්ට ආදරේ කරේ " මෙච්චර දවසක් විශ්වාස නොකරපු දේ අද මට විශ්වාසයි. ' ගොඩක් ස්තූතියි ' කියලා මම පෝන් එක තිබ්බෙ ආයෙ එයාට කරදරයක් නොවී ඈතටම යන්න.
" සාරා අහන්නකො මට හම්බෙන්න ඕනෙ ඔයාව. මේ හැමදේම මම ඔයාට පැහැදිලි කරන්නම්."
ඔයා ගොඩක් දුර ගිහින් විසල්. මං නැතිවම. මගේ කෝල් එකෙන් පස්සෙ දිගින් දිගටම විසල් මාව හම්බෙන්න ඕනෙ කියපු නිසාම මටත් විසල් අන්තිම පාරට හරි හම්බෙන්න හිතුන නිසයි එදා මම ගියේ. මට විසල්ගෙන් අහන්න කිසිම ප්රශ්නයක් තිබුණෙ නෑ. මොකද මට තිබුණු එකම ප්රශ්නයට උත්තරේ ලැබුණු නිසා. ඒත් විසල්ට මගෙන් ප්රශ්න තුනක් අහන්න තියෙන නිසා මම තාමත් මං පණ වගේ ආදරේ කරපු කෙනාව අමතක කරන්න බැරි නිසා එදා වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් එයාගෙ ප්රශ්නෙට උත්තර දෙන්න එයාව හම්බෙන්න ගියා.
කතා කරගත්ත විදියට එදා උදෙන්ම අපි හම්බුණ. පාර දිගේ ඇවිදගෙන යද්දි විසල් මගේ අත එකපාරටම අල්ල ගත්ත. ඒ අත කවදාවත් අත් හරින්නෙ නැතුව ඉන්න හිතුනත් මං ඉක්මනට අත ගත්තා.
" එපා ඔයාට අයිතියක් නෑ."
මං එහෙම කිව්වෙ හිතකින් නෙවෙයි. ඒත් මං දැනගෙන හිටියා ඒ වෙද්දි මම මාස හයක් ආදරේ අඩුවක් නොකර එයා විශ්වාස කරන්න හිටියත් එයා වෙන කෙනෙක් නිසයි මාව දාලා ගියේ කියන දේ විතරයි මගේ ඔළුවේ කැරකුණේ. ඇත්තටම පිස්සු වගේ. විසල් වැවට යනකං ගොඩාක් කතා කිව්වා. අපි වැව ගාව තිබ්බ බංකුවක වාඩි වුණා. ඒ විසල්ගේ ප්රශ්නෙට උත්තර දෙන්න. ඇත්තටම මම එදා අතරමං වෙලා ඒ විසල් කොහොමද මට ආදරේ කරද්දි ඒ හිතම වෙන කෙනෙක්ට දුන්නෙ කියලා. මට පිස්සු වගේ. මට ඒ දේ විතරමයි දෝංකාර දුන්නෙ .ඒත් අදටත් එදා වගේම විසල්ව මට දැනුනා. ඒ තරම්ම මම විසලට ආදරේ කරා.
"සාරා මම ඔයාට තාමත් ආදරෙයි. මං වෙන කෙනෙක් ගාවට ගියේ ඔයාව අමතක කරන්න ඕන නිසා. ඔයාගේ හොඳටමයි. ඔයාව සතුටින් තියන්න. දැන් ඒ සම්බන්දෙ නැහැ."
ව්සල් කියන හැමදේම මගේ හදවත පිළිගත්තා.එදා විසල් මගෙන් තීරණයක් බලාපොරොත්තු වුණා. මම එවෙලේ ව්සලට තීරණයක් දුන්නේ නැහැ.
"හරි සරා ....අපි ආයෙ හම්බෙමු මෙතැනදීම. එදාට ඔයාගෙ තීරණය මට කියන්න "
ඇත්තටම මට කෑගහලා අඬලා කියන්න ඕන වුණා. මම ඔයා එක කතා කරපු පලවෙනි දවසෙම මම ඔයාගේ. මට ඔයා විතරයි දැනෙන්නෙ. මම ආදරෙයි ඔයාට. ඔයාට එහෙම නෑ. ඒ නිසා නේද වෙන කෙනෙක් ගාවට ගියෙ විසල් ? මට කෑගහලා අහන්න ඕන උනත් මම ඒවා හිතේ තියාගෙන අතරමං වුණා. රන්තාලිය වැවට ආයෙ එන්නම් කියලා පොරොන්දු වෙලා විසලුයි මායි ගෙදර ආවා. අයෙ ටික දවසකින් විසල් කීවා....
" සාරා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. මං මගෙ පාඩුවේ ඉන්නම්ම. මට ඔයාට ආදරේ කරන්න බෑ. මොකද මම එයාට ආදරේ. එයා මං ගාවට ආයෙත් ආවා. ආයේ මට කතා කරලා කරදර කරන්න එපා. "
"තෑන්ක්යූ විසල් ඔයා මාව දෙවෙනි පාරටත් පණපිටින් මැරුවා."
මට එදා විසල් ට කියන්න තිබුණෙ එච්චරයි. හිතාගන්න බැරි වුණා මං විසල්ට වෛර කරනවද කියලා. නෑ එයා මට කරේ වංචාවක් වුණත් එහෙම නෑ කියලා හිතලා මම එයාට ආදරේ කරනවා. හැබැයි ඒ මැරුණු සාරා.
" නෝනා සාස්තරයක් බලමුද?"
මම එක පාරට ගැස්සිලා පියවි සීයට ආවේ වැව රවුමේ හිටපු සාස්තර කෙල්ලක් ඇවිත් මොනර පිහාටුවකින් මට පවන් සලනකොට.
" දැන් සාස්තර අහන්න බෑ මම යන්න හදන්නෙ "
මං ඒ එක්කම වෙලාව බැලුවා එදා වගේම අදත් මට වෙලාව යනවා තේරුන්නෑ. ඔයා ළඟ නැතත් ඔයාගේ මතකයන් එක්ක මම ඒ බංකුවේ ජීවත් වුණා කියලා මට හිතුණා. දන්නවද විසල් මගේ තීරණය මම එදා අරගෙන තිබුනත් කියා ගන්න බැරි උනේ මේක වෙන්න ඇති හේතුව. මම ආදරේ කරත් ඔයා මට ආදරේ නොකරපු නිසා දෛවයේ විසින් එදා මගේ තීරණ ඔයාට දෙන්න බැරි වෙන්න ඇත්තේ.
මට ඕන වුණේ ඔක්කොම අමතක කරන්න මගෙ හිතට පොඩිහරි සැනසීමක් දැනෙයි කියලා මම හිතුවා. අපේ මතක අහලා රන්තාලිය වැවත් අදුරු වෙලා ගියා වගේ.මම කදුළු හංගගෙනම මගේ බෑග් එකත් අරන් බංකුවෙන් නැගිට්ටා.
" අනේ සොරි මම ඔයාව දැක්කේ නැහැ. "
" ඒකට කමක් නෑ මාත් ඔයාව දැක්කේ නෑ"
ඔව් ඒ විසල් විසලුත් තිගැස්සිලා මන් දිහා බලන් ඉන්නවා. මම අදුනන්නේ නැති ගානට ආයෙත් සොරි කියලා එතනින් ඉක්මනට ආවා. මම අහපහු හැරිලා එයා දිහා බැලුවේ ඉබේටමයි..
" යන්නම් විසල් ආයෙ එන්නේ නෑ. මට ඔයාට වයිර කරන්න ඕන වුණත් ඒක කරන්න බැරි නිසයි අද මම ආවේ අපි වෙන් වුණ තැනටම. අද ඔයා ගාව වෙන කෙනෙක්. අපේ මතක ඔක්කොම මම මේ වැවට විසි කරා. "
රන්තාලිය වැවට වුණු පොරොන්දුව ව්සලුත් නොදැනුවත්වම හරි ඉටු කරන්න ඇවිත්. ඒත් අද වෙන කෙනෙක් එක්ක. රන්තාලිය වැව මේ ඔක්කොම සද්ද නැතුව බලන් ඉන්නවා.....
♥️
ReplyDelete💕❤️
ReplyDelete❤
ReplyDelete❤️☺️
ReplyDeleteWoow
ReplyDelete♥️👍
ReplyDeletegreat💖
ReplyDelete