ගිරිදේවි විචාරය


ගිරිදේවි ටෙලි විචාරය ....


 

          හොඳ ටෙලි නිර්මාණයකට අප රටේ නාලිකාවන් තුළ තවමත් ඉඩ ඇති බවට සාක්ෂියකි ස්වාධීන රූපවාහිනිය විකාශය වූ කොටස් අසූ ගණනකින් යුක්ත ගිරි දේවි ගිරිදේවි ටෙලිනාට්‍ය. ටෙලිනාටය ශාන්ති දිසානායක නවකතාවක් ඇසුරෙන් සමන් කුමාර ගමගේ තිර රචනය කරන ලද්දක් ය. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ අතර කැමරා අධ්‍යක්ෂණය ඉන්දික ලක්මාල්ගෙ ය. ශ්‍රීනාත්  පෙරේරාගේ නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිත ශලනි තාරකා සමග දසුන් පතිරණ  මවන අතර සෙසු නළු නිළි කැල ඇතුළු අනෙකුත්  සියලුම සද්ජනයන්ගේ නිර්මාණාත්මක දායකත්වය ප්‍රශංසනීයයි.

       යක්ෂණියක වූ ගැහැනියකගේ ස්වයංවරය තේමාත්මකව රැගත් අපූරු ටෙලි නාට්‍යයකි. ගිරිදේවි හැදු වැඩුවන්ගේ සිට නොදන්නා නුපුරුදු උන්ගෙන් පවා තැලෙමින්, පොඩිවෙමින්, සීරෙමින්, වැටෙමින් ආයෙමත් නැගිටිමින්හ, හතිලමින්, දුවමින් පපුපතුලේ  කකියමින් රිදුම් දෙන වේදනාවෙන් බිදකුදු ඉහලට විත් ඇහි දාර දිගේ පල්ලම් බහින්ට නොදෙනා සමස්ත කුමරි කුලයේ යක්ෂණින්ගේ ධෛර්යයෙන් වෙළුණු ඒ කඳුළු කතාව තුළ ඇය නමින් ආශා ය. මෙතුළ සීතම්මා, සඳුන්, ආශා, සඳුන්ගේ අම්මා, රූපිකා, වසන්ත මාත්තයා, චාන්දනී, සෝමෙ, කුමාර මේ හැම චරිතයක්ම චරිතයක් පමණක් නොවේ. නෙක නෙක හැඩයන් වලින් මේ සමාජයේ අප වටා ජීවත්වන චරිතය. ඒ කටුක කර්කෂ ජීවිත යථාර්ථය එම පරිසරය තුළින්ද මනාව පෙන්වා දෙයි.

     ආශා උප්පත්තිම අවාසනාවක් කරගත් ඇය දරුවෙකුට ලත් මව් සෙනෙහස කූර ලෙස ඇගෙන් උදුරා ගත් මාතෘත්වයට වෛර කරන මුළු මහත් සමාජය ම පිළිකුල් කරන මිනිසුන්ගේ පාපතර අදහසට එරෙහි වන මුරණ්ඩු සමාජය විසින්ම යක්ෂණියක් කරගත් මනුස්ස යක්ෂණි‍යයි. ඇය මුළු පිරිමි සංහතියටම වෛර කරයි. ඇය ඇයටම වෛර කරයි. කතාව ආරම්භයේ සිටම අවසානයේ තෙක්ම ඇය දුවයි. ඒ ඇය මුළු ජීවිතය තුළම ආදරය සෙනෙහස සොයා ඇගේ ජීවිත හැල්මේ දුවන එකියකි. යක්ෂණියක් ලෙස සිටින ඇයට හිමි රුව කොල්ලන්ගේ ආශාවන් පමණක් නොව වයස කතුන්ගේ ඉරිසියා බැල්මට ද හසු වෙන තරම් ඉතා රූමත් පිරිපුන් රුවකට හිමිකම් කියන්නකි.

    ටෙලිනාට්‍ය නාට්‍ය ගලා යනුයේ ආශා හෙවත් සඳුනි, සඳුන් මේ දෙදෙනාගේ අහඹු හමුවීම හරහාය. ඔවුන් දෙදෙනාම සමාජය තුළ තාරුණ්‍ය වශයෙන් මුහුණ දීමට ඇති ඛේදනීය ප්‍රශ්න දාම දෙකක සිරවී අලුත් ජීවිතයක් සොයා පලා යන තරුණ වියේ දෙදෙනෙකි. නාට්‍ය සඳුනිගේ ජීවිතය සඳුන්ටත් සඳුන්ගේ ජීවිත කතාව සඳුනිටත් පවසන අයුරින් ගලා යයි. එහිදී අතීත කතාව ඔවුන්ගේ වර්තමාන සිදුවීමකින්ම බද්ධ කොට  එළිකිරීම රූප මැවීම හරි අපූරුවට  නාට්‍ය පුරා සිදු වන්නකි.

        බැඳීම් තමයි මේ ලෝකයේ තියෙන ලස්සනම වචනෙ. ඒ බැඳීම්වලට කල්ඉකුත් වෙන දවසක් අපි කාටවත් නෑ. මොන යක්ෂණියක් වුණත් වෙඩරු හිත් වගේ උණු වෙන තැන් එනවා. දැනෙන පිරිමියෙක් ලග ජීවිතය විදින්න හීන දකිනවා. ඇරියස් වෙච්ච කතන්දර හිතින් වල දාලා  ආයෙම ඉපදෙන්න හීන මවනවා. ගෑනු හිත් එහෙමය. හැම ගැහැනියක්ම ඇතුලේම යක්ෂණියක් ඉන්නවා. ඒ වගේම දේවතාවියකුත්....ඒක තීරණය වෙන්න වටපිටාවක් බලපානවා. ආශා සිඟිති දැරියකව උපදින්න ආත්මීය කෙළෙසීමට ලක්වීමෙන් අවජාතක යන ලේබල්කරණය තුළය. ඇය කුඩා කල සිට ඇයටම වෛර කරයි. එය ඇය නොයෙක් වර සමාජයෙන් අසයි.

ආශා-  " මගේ අම්මට වූ කරදර කරාට අම්මා පලිද?  ඇයි උඹලා ඒ වල් බල්ලාට මුකුත් කියන්නේ නැත්තේ? මගේ අම්මා මාව දාලා ගියාට මං පලිද? "

     ආශා යක්ෂණියක වී සිටින්නේ මෙම සියලු තත්වයන්ට එරෙහිව කොන්දේසි විරහිතව, අනුකම්පා විරහිතව සටන් වැදීම නිසා ය. ඇය සුදු ගවුමට ආසා කරයි. ඒ  ඇයට එතුළ  පුදුම නිදහසක් දැනෙන නිසා‍ය. නමුත් පාසලෙන් ඇයට ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ  පිළිකුල් කිරීමකි. මිතුරන් ඇයව කොන් කරයි.

ආශා-  " මොකක්ද මිස් සැප කියන්න. අපි විදින සැප බලන්න මිස් වෙලාවක අපේ ගෙදර එන්න කෝ. එතකොට මිස්ට තේරෙයි අපේ තරම. මං උදේට ඉස්කෝලේ එන්නේ කහට බීලා විස්කිරිඤ්ඤා කාලා...අපි බත් කන්නෙ රෑට විතරයි මිස්...ලුණුයි බතුයි කාලා දෙවේලක් බඩ රවට්ටගෙන වේලක් කන එක සැපක් ද මිස්...." 

     ඇය සමාජයෙන් සෑම විටම ප්‍රශ්න කරයි. එතුළ ඇය ඇගේ ආත්මයට වෛර කරයි.

      කාන්තාවන්ට සුන්දර රූපයක්  හිමිවීම ඇයට සමාජයේ ජීවත් වීමට ඉඩ නොදෙයි. ඇයට ආරක්ෂකයෙකු නොමැතිවීම ඊට තවත් බලපායි. ආශා මේ තුළ අසරණයි. ඒ නිසාම ඇය අතපත්තු මන්ත්‍රීගේ පුතාගේ, මොලේ මුදලාලිගේ, අතපත්තු  මන්ත්‍රීගේ, බාප්පගෙ, මංජුගේ සියලු ධනවතුන්ගේ ගොදුරට ඉලක්ක වේ. එය ඇය තවත් පිරිමි සංහතියම එපා කරවීමට හේතු වේ.

" යක්කු මිනිස්සු තරම් නරක නෑ  "

        ඇය මේ සියල්ල හමුවේ සොයන්නේ සෙනෙහසයි. ආශාට එය මවගෙන් පියාගෙන් කිසිදා ලැබෙන්නේ නැත. සීතම්මා ඇයට කුඩා කළ කොත්තමල්ලි  පොවා ආරක්ෂා කරයි. ඇයට සෙනෙහස දෙයි. ඒත් ආශා බලාපොරොත්තු වන සෙනෙහස ඇයට නොලැබේ. ඇය එම සෙනෙහස කුමාරගෙන් බලාපොරොත්තු වේ.

ආශා- " මට ඕනේ අයියා කෙනෙක් නෙමේ කුමාර. කොල්ලෙක්. "

ආශා- " මම මහ කාලකන්නි. ඒකයි මට කවුරුත් ආදරය කරන්නේ නැත්තේ. "

        ආශා සෑම විටම අරමුණක් සොයයි. ඇය මේ සමාජයට බියයි. පිරිමියාට වෛර කරයි. නමුත් පිරිමියාගෙන් ම සෙනෙහස බලාපොරොත්තු වේ. මේ සමාජයේ කාන්තාවන්ගෙ ඉරණමයි. ආශා කුමාරගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහු ඇයට දක්වන ආශාවන් නොවේ. සෙනෙහසක්. මන්ද ඇය උප්පත්තියේ ම පිරිමියා නිසා විනාශ වී උපන් එකියක් නිසාවෙනි.

ආශා- " අරමුණක් නැතිව මාව එක්ක යන්න එපා කුමාර. මං ඒකට කැමති නෑ. "

      " නෑ අපි අරමුණක් හදාගෙන යං."

කුමාර - " මං යනවා"

ආශා- " අවස්ථාවාදියෝ "

      ආශා කුඩා වියේ සිට පිරිමියාගේ බැල්මට ගොදුරුවන්නියක්. සඳුනි ගැහැනියක වීම උදෙසා ද කරන්නෙ අතිශය දුබල අරගලයක් ය. කුමාරගෙන් පසු ඇගේ ජීවිතයට එන පිරිමියා සඳුන් ය. ඇය සඳුන් හමුවේ මුළු ජීවිතයම පවසයි.

     සදුන්....සමාජයට වෛර කරනා පිරිමින් දුටුවත් යක්ෂාවේශ වෙන ඇයගේ ගල් හිත වෙඩරු පිඩක් කළ යථාර්ථ ප්‍රේමයට අස්වැසිල්ලක් වූ අතීතය තුළ අසම්මත ප්‍රේමයට මුල්ගත් වූ පොළොව මතින් පණ ගැසූ ප්‍රේමාදරයයි සදුන්. ඔහුගේ අසම්මත පෙම සිය නැන්දා  වන රූපිකාගේ මතකය ද ඔහු  සඳුනිට පවසයි. සදුන්ගෙත් සදුනිගෙත් අතීතය හමුවේ ඔවුන්ගේ වර්තමානය ඔවුන් දෙදෙනාටම නොදනී ගොඩනැගේ. ඒ හමුවේ ටෙලිනාට්‍ය ගලා යයි.

      ආශා කිසිවෙකුට කිසිවකට බියක් නොදක්වයි. ඇය යක්ෂණියක් ලෙස ජීවත් වේ. නමුත් ඇය කළුවරට බියයි. කළුවර පිරිමියා සංකේතවත් කරනවා විය හැකිය. ඇය නිතරම තැතිගැන්මෙන් c සිටි. සඳුන් හමුවූ දා සිට  ඔහු ද ඇයව දමා යන බිය  ඇයට තිබේ. 

ආශා- " මං හිතුවෙ තමුසේ මාව දාලා ගියා කියලා. මං හිතුවෙ තමුසේ ආපහු එයි කියලා. "

     ආශා නිතරම  පිරිමිකමට  දොස් පවරයි. පිරිමිකම නිතරම සමාජයෙන් ප්‍රශ්න කරයි. ඒ ඇය එසේ අවස්ථාවක උපන්නේ පිරිමියෙක් නිසාවෙනි. ඇය සදුන්ගෙන් ද පිරිමිකම ප්‍රශ්න කරයි.

ආශා- " ගැහැණියෙක් අමාරුවෙ වැටුනාම ඒ ගැහැනිය බේර ගන්නෙ නැතිව ඒ ගැහැනිය ගේ හෙළුව දිහා බලන් ඉන්න එක නෙවෙයි පිරිමිකම කියන්නේ "

      කිසිවෙකුට හෝ පැහැර හැරිය නොහැකි සඳුනිගේ ආත්මය තියුණුව පෑරෙන්නේ සදුන්ගෙ කුණු කතාවලින් ය. ඒ හමුවේ සුපුරුදු ප්‍රහාරාත්මක අවිවලින් සඳුන්ට පහර දෙන්නීය. එහෙත් කල් දුටු වහාම සඳුන් යළිත් ඇයව පාරවන්නීය. ඇයි ඉතා වටිනා ලෙස පරිස්සම් කරන ඇයට මේ ලෝකයෙන් ම ඉතිරි වී ඇති එකම දෙය ඇගේ  කන්‍යාභාවය පමණි. සඳුන් සෑමවිටම ඇගෙන් පරික්ෂා කරනුයේ නින්දා කරනුයේ එයටම ය. අවසන සඳුනි සඳුන්ට පහරදෙන්නෙ සිය නිරුවත තුළිනි. ඇගේ නිරුවත් සිරුරෙන් සඳුන් සමීපයට යයි.

ආශා- " මාත් එක්ක හැම වෙලේම රණ්ඩු කරන්නේ බොරුවට. හැමවෙලේම සැක කරන්න ඇයි කියලා මට තේරෙනවා. මං ඔයාගෙ ලඟට එන්නම්. එතකොට ඔයාම බලාගන්න. මං වෙන මිනිහෙක් එක්ක හිටිය ද කියලා. ඔයා පිළිගන්නේ නෑනේ මට එක ඔප්පු කරන්නේ වෙන විදිහක් නෑ. "

       ඇය මෙතෙක් රැක ගැනීමට වෙර දැරුවේ මෙයයි. සඳුන්ට පරිත්‍යාග කරන්නට යන්නේ ද ඇගේ වටිනාම දෙයයි. ආශා ඇත්තටම ග්‍රාමීය සාම්ප්‍රදායික තරුණියකි. ඇය පිරිමින් හමුවේ සාම්ප්‍රදායික නොවූවද ඈ හඬා වැටීමට තරම් සියල්ල පරිත්‍යාග කිරීමට තරම් ඇය සඳුන්ව විශ්වාස කරයි. 

   ඒ කතාව පුරාම පිරිමියා නිසා දුවයි. මෙම වේදනාව ඇය අවසන සඳුන් හමුවේ  පිට කරයි.

ආශා- " මං තාමත් දුවනවා සදුන්. මන් තාමත් දුවනවා. ඒත් දැන් මට හරි මහන්සියි. මට නවතින්න ඕනේ. මම නවතින්න ඕනේ සඳුන්.  මට නවතින්න දෙන්න. මට නැවතිලා හති අරින්න ඕනෙ." 

      ඇත්තටම සඳුන් මේ සමාජය තුළ අහඹුවෙන් කාන්තාවකට හමුවන පිරිමි චරිතයකි. ඒ බව නාට්‍ය තුළ රූපිකාගේ දරුවාට සිය නම පියා ලෙස දීමෙන් ද සනාථ කරයි. සඳුනි මුළු ජීවිත කාලයක් පුරා විදි නොගිනිය හැකි තරම් අපමණ වේදනා නින්දා, පරිභව සියල්ල මුදාහරින මොහොතක් පැමිණේ. ඒ සඳුන්ගේ උරහිස මත කඳුළු වගුරුවන මොහොතය. ආත්මෙ තෙරපී ගල් වී තිබෙන සියලු වේදනා මුදා හැරිය යුතුය. ගැහැනියක් ඒ සියල්ල මුදා හරින්නේ කඳුළෙන් ය. දැනීම් තිබෙන හැගීම් දැනෙන පිරිමි උරහිසක් හමුවිය යුතුය. සඳුනිට හමුවූ ඒ  අවයාජ  උරහිස කඳුළු සැලීමට තරම් යෝග්‍ය උරහිසක් ය. අද සමාජයේ කාන්තාවන් ගෙන් මෙවැනි උරහිසක් හමුවන්නේ කී දෙනාගෙන් කී දෙනෙකුටද. ඒ තුළ ආශා අවසන ඇගේ හති ඇරීමට සුදුසුම ස්ථානය ඇයට හමු වේ.

         ගැහැනියකට දෙවියන්වන් පිරිමියෙක් හමුවනතුරු ඇගේ ජීවිතය තුළ මව පියාගෙන් මිදුණු පසු ඇය අනාරක්ෂිත ය. ගැහැණියකගේ ජීවිත අපායක් කිරීමටත් දෙව්ලොවක් කිරීමටත් හැකි වනුයේ පිරිමියෙකුටම පමණි.

    ගිරිදේවි නාට්‍ය තුළ ආශාගේ ජීවිතය පමණක් නොව ආශාගේ අම්මත්, සඳුනිව මන්ත්‍රී ආරක්ෂක  අතපත්තු ළගට ගෙන යාමේ පව්කාරකම් කරන කාන්තාව, වසන්තගේ විවාහක බිරිඳගෙ පමණක් නොව සඳුනිගේ ආච්චි සීතම්මාගේ පවා අතීතයේ කිරි ගාන වේදනාවක් තිබේ. ඒ හුදු පාරිභෝගික භාණ්ඩයක් පමණක් බවට පත් කරගෙන සිටින ගැහැනියගේ වේදනාවය. වයෝවෘද්ධ සීතම්මාගේ මුහුණෙන් පිළිඹිබු වන්නේ කාට හෝ කියාගැනීමට  බැරි වූ මහමෙරක් තරම් වූ ඒ වේදනාවය. සීතම්මාගේ අත්විදීම් සහ සඳුනිගේ අත්විඳීම් අතර වෙනසක් ඇත්නම් ඒ වෙනස පවතින්නේ රදළ බල සහ අද  සර්වජන ඡන්ද බලයෙන් ප්‍රජාතන්ත්‍රීය පහළ සිට ඉහලට පාලකයින් තෝරාගන්නා ව්‍යූහාත්මක වෙනස පමණි. එනම් ආච්චිගෙ ජීවිතය ඔප්පු කළ දඬු අඬුව වූයේ ඉංග්‍රීසින්  හඳුන්වාදුන් සර්වජන ඡන්ද බලයෙන් පත් කරගත් මැම්බර් සහ වැඩවසම් බල ධූරාවලියේ යාන්ත්‍රණයයි. සඳුනිගේ විනය ඔප්පු කිරීම සිදුවන්නේ ටෙලිනාට්‍ය නොපෙනී නොපෙන් වූ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිලධාරීන්ගේ සහ සර්වඡන සර්වජන ඡන්ද බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා මන්ත්‍රී උත්තමයන් යන දඬු අඩුව තුළය.

     සදුන්ලා ආශලා පෙරුම්පුරන ලස්සන ජීවිත දිහා බලාගෙන ඉන්න බැරි අමනුෂ්‍ය ආත්ම ඇති.

සදුන් - " ඊයේ රෑ ගැන ඔයාට තියෙන්නේ දුකක්ද? සතුටක්ද? "

ආශා- " බයක් "

      හැම දේටම වැඩියෙන් ආදරේ සැහෙන්න බලවත් කිව්වට අපට   තියෙන්නේ බලාපොරොත්තු අල්ලාගෙන ඉන්න එක විතරක් වෙන්න පුළුවන්. විකල්ප නැති මොහොතකදී. නමුත් ගිරිදේවි නාටය තුළ ආශා නැතිනම් සදුනි, සදුන් අවසන ඔවුන්ගේ ආදරයේ බලාපොරොත්තු ඉටු කර ගනී.

   ගිරිදේවි අනුකම්පා විරහිතව පසුනොබා සටන් කරන ස්ත්‍රී ආත්මයක් පමණක් නොවේ. පිරිමියාට නියම පිරිමිකම කුමක්දැයි ප්‍රතිරූපණය කළ නිර්මාණයක් ය. ස්ත්‍රියට ස්ත්‍රී ගෞරවයත් පිරිමින්ට නියම පිරිමි ගෞරවයත් එකට එක් කළ නිර්මාණාත්මක මුද්‍රාව තබා " ගිරිදේවි " නිමවිය.


Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️