ලෝකයේ භයානකම සෙල්ලම...
හැගීම් මිනිස් ජීවිතය තුළ ප්රබලතම දැනීම් වේ. හැගීම් මිනිසුන්ව ජීවත් කරවන්න අරමුණු තනනවා. විටෙක හැගීම් මිනිසුන් ජීවත්ව සිටිද්දිම ප්රාණය නිරුද්ධ කරන්න තරම් ප්රබල වෙනවා.හැගීම් මිනිසා ජීවත් කරවන්නත් මිනිසා පණ පිටින් මරා දමන්නත් පුළුවන් එක්තරා ආකාරයක ඉන්ජක්ෂන් එකක්.
අධි මාත්ර වූ හැගීම් ගනුදෙනු එක්ක ඕනම කෙනෙක් විදිනවා. ඒ වගේම විදවනවා. හැගීම් කියන්නේ ඒ තරම්ම ජීවිත වෙළාගෙන සිටින්නක්.
සිතන්න ඔබ කෙනෙකුගේ හැගීම් සමග සෙල්ලම් කරන්න තෝරාගත්තා කියලා. මෙහෙම කිව්වොත් ඔයා ටයිම් පාස් කරන්න ගේම් එකක් විදියට කෙනෙකුගේ හැගීම් තෝරාගන්නවානම් ඔයා තෝරගෙන තියෙන්නෙ ලෝකේ භයානකන සෙල්ලමයි.
නුඹ කෙනෙකුගේ ජීවිතය ඔට්ටුවට අල්ලා ක්රීඩාවක් කරනවා යැයි සිතන්න.එය තම ජීවිතය ඔට්ටුවට තැබූ පුද්ගලයට වේදනාවක් නොවනු ඇත.මන් ද ඔහු එය සිය කැමැත්තෙන් සිතා කරන දෙයක්. ඔහු ඔට්ටුවක් බව දැන දැනමය ජීවිතය ඔට්ටුවට තියන්නෙ.
ඒත් හැගීම්....... කිසිම කෙනෙක් තම හැගීම් නම් ඔට්ටුවට තබන්නේ නැත.පුද්ගල ජීවිතය තුළ බලෙන් ඇති කර ගත නොහැකි එකම දෙය හැගීම් විය හැක. මන් ද හැගීම් ඇති වන්නේ නිරායාසයෙනි.වෙලාවක්, පරිසරයක්, ස්ථානයක්, කාල වකවානුවක් මේ කිසිදු දෙයක් මීට බල නොපායි. හැගීම් කියන්නෙම එක්තරා දැනීමකි. හෝරවක් නොමැතිව ක්ෂණිකව ඇතිවන ඍතුවක්. එය සැබවින්ම සිතාගත නොහැකිය. ජීවිතය තියෙන්නෙ හුස්ම වැටෙන්නෙ එතනයි. හුස්ම ඉහළට පහළට දමන තැන තියෙන්නෙ ප්රාණය වුණත් ලබ් ඩබ් ගාන හදවත් ගැහෙන තැන තියෙන හැගීම් මිනිසාව යම් කාල සීමාවක වෙනමම ලෝකයකට ගෙනයයි.
ඉතින් නුඹ තෝරාගන්නේ ලබ් ඩබ් ශබ්දයේ හැගීම් නම් නුබ තෝරාගෙන තියෙන්නේ ලොක්යේ භයානකම සෙල්ලමයි.
කෙනෙකුගේ ජීවිතයේ ප්රබල දැනෙන හැගීමක් හට ගන්නේ කලාතුරකිනි.එය ජීවිතයටම එකම පාරක් විය හැකිය. ප්රාණය නිරුද්ධ කිරීමට පහසු තරම් හැගීම් මරා දැමීමට නොහැකි වේ. ප්රාණයක් ක්ෂණයෙන් මරා සුණු විසුණු කළ හැකිය.නමුත් හැගීම් සෑම විටම හදවත් සනසයි.පාරයි.
ඉතින් නුබේ සෙල්ලම ඒ හැගීම් එක්කනම් නුබට සෙල්ලම එපා වූ විට නුබ ලේසියෙන් එය නතර කර දමාවි. නමුත් නුබ සෙල්ලමට තෝරගත් තැනැත්තා නුබ සැබවින් ලෝකය තුළ ජීවත්වනු දකීව්. නමුත් ඒ තව දුරටත් ජීවයක් නොමැති ප්රාණයක් පමණකි.
හැගීම් රැවටීමට පත් වූ විට එය පුද්ගලයට දැනුනු විට මිනිසා එතනම මැරුණු මළකදක් බවට පත් වේ.
නුබ සෙල්ලම් කරන්න. ඊට ඕනෑම සෙල්ලමක් තෝරාගන්න.නමුදු කිසිදු දිනක හැගීම් සමග සෙල්ලම් කරන්න හිතන්නවත් එපා.
මන්ද හැගීම් මැරුණු මිනිසාට ජීවත් වන හුස්ම වැටෙන සිරුරක් තිබුණ ද ඉන් පළක් නොවනු ඇත.
හැගීම් කියන්නෙම හුස්මක්....


💜️
ReplyDelete🥰
ReplyDelete❤️
ReplyDelete😍😍
ReplyDelete❤️🥺❤️
ReplyDelete❤️☺️
ReplyDelete❤️
ReplyDelete♥️
ReplyDelete😍
ReplyDelete