තවත් එක කවියක් ඒ..

 


මං තාමත් හිතනවා....


ඒත්,.

තාමත් ලියා ගන්න බැරි වුණා ඔයාගෙ නමට ඒ කවිය



එදා වගේම අදත් 

ඔයා නිතරම මගෙන් ඉල්ලපු ඔයාගෙ කවිය

ලියන්න මම තාම වචන හොයනවා

 මං හිතන්නෙ ඒ වචන හැංගිලා ඔයා වගේම


ඔයා මට ලං වුණා වැඩී

නෑ ඔයා මට දැනුනා වැඩී

නෑ මං ඔයාට ආදරේ කරා වැඩී

ඒකයි මට තාමත් එදා වගේම 

අදත්

ඔයාට ඒ කවිය ලියන්න බැරි වුණේ 


මං හිතන්නෙ අපිට ගොඩක් දැනෙන තැන 

අපි ගොඩක් ආදරේ කරන තැන

පෑනට ඉඩක් නෑ කියලා


ඔයා ගියත් තාමත් මං එතනමයි

ඔව්

ඒකයි තාමත් ඒ කවිය මට ලියන්න

බැරි වුණේ 


දවසක පුළුවන් වුණොත්  වචන කරන්න ඒ කවිය

මං මුලින්ම එවන්නෙ ඔයාට

මොකද

එදාට ඔයා මගෙ පෑනෙන් ලියවෙන්නෙ

 

තවත් එක කවියක් ඒ...



Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️