සත්තු

 

සත්තු


සත්තු යනු අනිමාලියා හෙවත් මෙටාසෝවා රාජධානියට අයත් බහුසෛලික, සුන්‍යෂ්ඨික ජීවින් වේ. ඔවුන්ගේ දේහ විලාශයන් ඔවුන් වර්ධනය වීමේදි යම්කිසි ස්ථිර තාවයකට ලක්වුවද ඇතැම් ජීවින් රූපාන්තරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන්ගේ ජිවිතයේ පසුකාලයන්හිදි යම්කිසි වෙනස් වීම් වලට ලක්වේ. බෙහෝමයක් සත්ත්වයන් හට සංචරණය විමේ හැකියාව පවතින අතර ඔවුන්ට එය ඉබේ හෝ ස්වාධීනව සිදුකරගත හැකිය. 
සතුන් විෂම පෝෂිකයන් වන අතර ඔවුන් තම පැවැත්ම සඳහා වෙනත් ජීවින් (ශාක) මත පදනම් වේ.
පොසිල සාක්ෂි වලට අමතරව මීට වසර මිලියන 542 කට ප්‍රථම කේම්බ්‍රීය පිපිරුම සිදුවු අවස්ථාවේදි සිදු වු ක්‍රියාවලීන් හේතු වෙන් මුල්ම සාගර ජීවි විශේෂය මගින් සත්ත්ව වංශය ඇතිවු බවට සාක්ෂි ඇත.



සතුන්ගේ ලක්‍ෂණ

ව්‍යුහය

ඉස්පන්ජියන් වැනි (පොරිෆේරා වංශිකයන්) සුළු ‍ෙවනස්කම් කිහිපයක් හැරුණු කොට සත්ත්වයින්හට වෙන්වෙන් වශයෙන් පටකවලට විශේෂණය වී පවතින දේහ ඇත. මේවා සංකෝචනය සහ සංචරණය පාලනය කරන මාංශ පේෂි සහ ස්නායු සංඥා පරිවහණය කරන ස්නායු පටක වලින් ද සමන්විත වේ. මීට අමතරව විවිර එකක් හෝ දෙකක් සහිත අභ්‍යන්තර ආහාර ජීර්ණ පද්ධතියක් ද අන්තර්ගත වේ. මෙලෙස සංවිධානාත්මක දේහ සහිත ජිවීන් හට මෙටාසොවාවන් යයි හැදින්වේ. මෙටාසෝවාවන් යන වදන සත්වයන් සඳහා පොදුවේ භාවිතා වන අවස්ථාවන්හිදී ඉයුමෙටාසෝවාවන් ලෙස හැඳින්වේ.

සියළුම සතුන්හට සුන්‍යෂ්ඨික සෛල අන්තර්ගත වේ. ඒවා කොලජන් සහ ප්‍රත්‍යස්ථ ග්ලයිකෝ ප්‍රෝටීනවලින් වටවු බහිස්සෛලීය කොටසකින් වටවී ඇත. මේවා අස්ථි, බහිස්සැකිලි, ආවරණය කටු වැනි ආකාති සැදීමට කැල්සිනීත වී ඇත. ජීවීන්ගේ වර්ධනයේදී ඒවා සාපේක්ෂ වශයෙන් සුනම්‍ය ආකෘතියක් සාදන අතර එමගින් සෛලවලට එකිනෙක චලනය වීමේ හැකියාවක් ලබාදෙන අතර එමගින් සංකිර්ණ ආකෘතියක් සාදනු ලබයි. මීට අමතරව වෙනත් ශාක සහ දිලීර වර්ග වැනි බහු සෛලික ජීවි විශේෂවලට සෛල බිත්ති මඟින් එකිනෙක බැඳ පවත්වා ගන්නා සෛල අන්තර්ගත වේ. ඒවා දිගින් දිගටම සිදුවන වර්ධනය මගින් තව දුරටත් වැඩි දියුණු වේ. සත්ත්ව සෛල වලට ආවේනික වන පරිදි ඒවාට අන්තර් සෛලීය බන්ධන පිහිටා ඇත. ඒවා තද සන්ධි, හිදැස් සන්ධි සහ ඩෙස්ම සෝම නම් වේ.

 



Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️